රටටම විස බෙදන සර්ප පැටවු.
අතීතයේ කසිප්පු ටිකක් බීගෙන කඩු, ටියුබ් ලයිට්, යකඩ පොලු ගෙන ගමේ රජකළ ආරිලා, පාලලා, ඇලෝසියස්‌ලා සහ උක්‌කුවලා වැනි ගං චණ්‌ඩින්ගේ යුගය මෙරට පාදඩ සංස්‌කෘතියේ ආරම්භය ලෙස අද ඉතිහාසයට එක්‌ව තිබෙන්නකි.
එම ඉතිහාසයේදී මෙකී ගං චණ්‌ඩින් කළේ කසිප්පු හෝ ගංජා ටිකක් විකුණමින්...