දෙමටගොඩින් පටන් ගත් කමල්ගෙ ගමනේ අවසානය.
කමල් ගම්වලආරච්චි නොහොත් "දෙමටගොඩ කමල්" උපන්නේ දෙමටගොඩ වේලුවන පාරේ පිහිටි නිවසේදීය. ඒ මීට වසර හතළිහකට පමණ උඩදීය. කමල්ගේ වැඩිහිටියන්ට එතරම් වත් පොහොසත්කම් තිබුණේ නැත. දෙමටගොඩ වේලුවන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කමල් අපොස සාමාන්‍ය පෙළ දක්‌වා ඉගෙන ගත්තේය...