දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ...
මුවරද රොන්සුණු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
ජීවිතේ මී බිංදුවක් වාගේ...
දෙඅදර විලිකුන් සුරත් පලේ...
මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව...