විජය ඝාතනය කල හැටි කියන ඝාතකයා
වේලාව උදෑසන දහය, දහයයි තිහ පමණ වන්නට ඇත. කුලියට ගත් කඩය අසලින් නික්‌ම ගිය දෙදෙනා, කිරුළපන පාර දිගේ පැමිණියේ, පාලගේ ගරාජයට යන අදහසිනි. බයිසිකලයට නැගුණු ලයනල් එය පදවාගෙන යන ටාසන්ට පවසන ලද්දේ, තමන් පාලගේ ගරාජයට ගොස් තුවක්‌කුව රැගෙන එන තෙක්, බයිසිකලයෙන් රවුමක් ගසා...