බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම් යන පාර අහන
ඔබද පටාචාරාවකී - ඔබද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ
අඳුරේ පව් කරන දනා - එළිය රවන ලඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන - ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති - වැරදිකාර ලඳුනේ
ලඳුනේ - අමරසිරි පීරිස්