සමාජයට වැදගත්,
නමුත් එයා බඩුවක්..
මිනිස්සු හරි සිල්වන්තළු.. වැරැද්ද එයාගෙම විතරලු..
සතුටුවෙන්න ලඟට එන්නේ වතුර හොයන මුවන් වගේ..
සතුටු වෙලා ගෙදර යන්නේ අන්දුනන්නැති කෙනෙකු වගේ..
ඇය මෙන් තව නොබිහි වන්න ඇය බොනවා ටැබ්ලට්..
මිනිස්සුන්ට ගානක් නැ ඇය ඉන්නවා තවමත්..
මුවින් නොකිය ඇසින් කියන කඳුළු කතා...