ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ...
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස...
මී කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාබර...
කාලයක අයාලේ පාවීගිය සිත
ලැඟුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මිහි මත නැත
කියා ගයයි දුර ඉදන් ලිහිණියක...
සාගරය තුරුල්ලේ යාවී ගං දිය
විඩා නිවයි සිඳු රළින්...