“යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය...” (මහාවග්ගපාලිය – චීවරක්ඛන්ධකය) යනාදී ලෙසින් “යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේ ද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේ” යනුවෙන් බුදු වදනෙහි සඳහන් වෙති. එසේ බුදු වදනෙන් ද අවධාරණය කරන්නේ රෝගියකුට උපස්ථාන කිරීම ගෞරවාන්විත හා සදාචාරාත්මක කාර්යයක් බවයි. එහිදී ඥාති...