නොදකිං දොස්තර

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    [FONT=&quot]“[/FONT][FONT=&quot]යො[/FONT][FONT=&quot] මං[/FONT][FONT=&quot] උපට්ඨහෙය්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] සො[/FONT][FONT=&quot] ගිලානං[/FONT][FONT=&quot] උපට්ඨහෙය්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]මහාවග්ගපාලිය[/FONT][FONT=&quot] – [/FONT][FONT=&quot]චීවරක්ඛන්ධකය) යනාදී[/FONT][FONT=&quot] ලෙසින් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]යමෙක්[/FONT][FONT=&quot] ගිලනුන්ට[/FONT][FONT=&quot] උපස්ථාන [/FONT][FONT=&quot]කෙරේ ද[/FONT][FONT=&quot] හේ[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot] උපස්ථාන[/FONT][FONT=&quot] කිරීම[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]සමාන[/FONT][FONT=&quot] වන්නේ[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යනුවෙන් බුදු වදනෙහි සඳහන් වෙති[/FONT][FONT=&quot]. එසේ බුදු වදනෙන්[/FONT][FONT=&quot] ද[/FONT][FONT=&quot] අවධාරණය [/FONT][FONT=&quot]කරන්නේ[/FONT][FONT=&quot] රෝගියකුට [/FONT][FONT=&quot]උපස්ථාන[/FONT][FONT=&quot] කිරීම [/FONT][FONT=&quot]ගෞරවාන්විත[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]සදාචාරාත්මක [/FONT][FONT=&quot]කාර්යයක්[/FONT][FONT=&quot] බවයි.[/FONT][FONT=&quot] එහිදී [/FONT][FONT=&quot]ඥාති[/FONT][FONT=&quot] බන්ධු [/FONT][FONT=&quot]මිත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රාදී[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] ස්වකීය [/FONT][FONT=&quot]පරපුරේ[/FONT][FONT=&quot] යැයි[/FONT][FONT=&quot] සිතා[/FONT][FONT=&quot] තෝරාගත්[/FONT][FONT=&quot] රෝගී[/FONT][FONT=&quot] පිරිසකට[/FONT][FONT=&quot] පමණක්[/FONT][FONT=&quot] උපස්ථානය[/FONT][FONT=&quot] සීමා[/FONT][FONT=&quot] නොකළ [/FONT][FONT=&quot]යුතුය.[/FONT][FONT=&quot] තරාතිරම[/FONT][FONT=&quot] නොබලා[/FONT][FONT=&quot] දයාවෙන්[/FONT][FONT=&quot] පිරි[/FONT][FONT=&quot] සිතින් [/FONT][FONT=&quot]රෝගීන්ට [/FONT][FONT=&quot]උවටැන්[/FONT][FONT=&quot] කළ[/FONT][FONT=&quot] යුතු[/FONT][FONT=&quot]වන්නේ [/FONT][FONT=&quot]කවර[/FONT][FONT=&quot] හෝ[/FONT][FONT=&quot] මොහොතක [/FONT][FONT=&quot]තමන් [/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] රෝගියකු[/FONT][FONT=&quot] විය [/FONT][FONT=&quot]හැකි[/FONT][FONT=&quot] බැවිනි.[/FONT]

    [FONT=&quot]හදිසියේ බණ මතක් උනේ අද මා ද වෛරස් උණ හා සෙම රෝගය උග්‍ර වීමෙන් තදබල ලෙස රෝගී වී සිටින නිසාම නොවේ... මා කුඩා කල මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී මාගේ මිත්‍රයෙකු විසික් කල ගලක් මුහුණේ වැදීම නිසා ඔරංඔටෙකු සේ මුහුණ ඉදිමී නාසයෙන් ඇසින් ලේ ගලන්නට විය.. මාගේ මා පියන් විසින්වහාම මා ගැටඹේ ආයුර්වේද රෝහලට ගෙන යන ලදුව එහිවූ සිංහල වෛද්‍යතුමාගේ නිර්දේශය මත නැවත මා මහනුවර මහරෝහල වෙත ඇතුළත් කෙරුණි. එහි දී මා පරීක්ෂා කිරීමට ආ වෛද්‍යතුමිය අසලටම පුටුව ලං කරගත් මා මුහුණ වසාගෙන සිටි තුවාය ඉවත් කළෙමි. එසැනින් එකී වෛද්‍යතුමිය [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]හා හා ලඟට එන්න ඕනි නෑ, ඈතට වෙලා ඉන්නවා..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යනුවෙන් රළු ලෙස මා හට පැවසීය. රෝගියෙකු වීම පිළිබඳවට මා හට මා කෙරෙහිම කළකිරීමක් ඇතිවිය. අනතුරුව මාගේ පියාණන්ගෙන් මා හට සිදුවූ සිද්ධිය විමසූ එම වෛද්‍යතුමිය මහ රෝහලේ වාට්ටුවකට මා ඇතුළත් කරන ලදි. එහිදී සතියකින් පමණ සුව වී නැවතත් නිවසට පැමිණියද වෛද්‍යතුමිය හා සම්බන්ධ සිද්ධිය මා හද තුළ නිතර රැව් දෙන්නට විය. මා එතරම් පිළිකුල් සහගතද? කෙනෙකු රෝගියෙකු වූ පමණින් ඔහු/ඇය නොසළකා හැරිය යුතුද? ඉන්පසු මා හට ඇතිවූ කිසිඳු රෝග තත්වයක දී මහ රෝහල කරා යෑමට මා පසුබට වූයෙමි. කාලය ක්‍රමයෙන් නික්ම ගොස් මා රැකියාවක් කරන කාලය පැමිණි විට මා හට උණක් වැළඳුනත්, කැස්සක් හැදුනත්.. හෙම්බිරිස්සාවටත් අප ගමේ පෞද්ගලික වෛද්‍යතුමා කරා යෑමට මා පුරුදු වූයෙමි.. ඒ මා හ‍ට යහමින් මුදල් තිබූ නිසා නොවේ. එම වෛද්‍යතුමා අප කෙරෙහි දැක්වූ කරුණාව නිසාමය. [/FONT]

    [FONT=&quot] අහෝ කරුමයක මහත! මෙදා මා රෝගී වූයේ අතේ සතයක් වත් නැති වූ මොහොතකය.. ගමේ වෛද්‍යතුමා කරා යෑමට මා අත වූ මුදල් ප්‍රමාණවත් නොවීය.. සිකුරාදා හවස කාර්යාලයේදී අසනීප තත්වය උග්‍ර වීම නිසා කලින්ම ‍නිවසට පැමිණ හොඳ හැටි නිදාගත්තෙමි.. පැරසිට‍මෝල් පිහිටෙන් රාත්‍රිය පහන් කළෙමි. උදේ පහ පමණ වන විට මාගේ කෙඳිරියත් වෙව්ලිල්ලත් නිසාම අවදි වූ මාගේ මව්පියන් වහ වහා මා රෝහල කරා රැගෙන යාමට සූදානම් වූවෝය. එහි දී මා [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]දවල් වෙලා ගමේ දොස්තරගෙන් බෙහෙත් ගමු. එයාගෙ බෙහෙතුත් හොඳයිනෙ[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යනුවෙන් පවසා රෝහල කරා යන ගමන නවතා ගැනීමට සමත් වූයෙමි. නමුත් සඳුදා වැඩට යාමට පමණක් මා අත මුදල් තිබූ බැවින් ද දවල් එක පමන වන විට උණද මඳක් අඩු වී තිබූ බැවින් බෙහෙත් ඕනී නෑ රෑ වෙද්දි අඩුවෙයි යනුවෙන් සිතා බෙහෙත් ගැන අදහස අත්හැර දැමුවෙමි. නමුත් රෑ අට පමණ වන විට නැවත තද බල ලෙස උන ගන්නට විය. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]රෑ ගියොත් නවත්තනවනෙ අම්මෙ.. ඒ නිසා උදේ බෙහෙත් ගන්ට යමු[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යනුවෙන් අම්මාගේ දොස් කීමට පිළිවදන් දුන්නෙමි. [/FONT]

    [FONT=&quot]උදේ ‍වනතුරු අම්මාද තාත්තාද අවදියෙනි. කෙඳිරි ගාන මොහෙතක් පාසා ඔවුන් පැමිණ මාගේ සුවදුක් විමසයි. උදෑසනම ත්‍රීවීලයක් ද කතා කරගත් මාගේ මව මා බලෙන් මෙන් සූදානම් කරගෙන පේරාදෙණිය ශික්ෂණ රෝහල කරා ගෙන ගියේය.. එහි දී බාහිර රෝගී අංශයෙන් අංකයක් ද ලබාගෙන පෝලිමේ සිට වෛද්‍යතුමිය කරා ඉදිරිපත් වූයෙමි. එහිදී පුටුවද වෛද්‍යතුමිය වෙත ලං කරගත් මා ඉඳගැනීමට සූදානම් වූවා පමණි.. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot] ඇයි මොකද මොකද පුටුව ලං කර ගන්නෙ, නැගිටිනව ඈතට වෙලා ඉන්නවා[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යනුවෙන් පැවසූ එම වෛද්‍යතුමිය මා වා‍ඩි වීමට සූදානම් වූ පුටුව කකුලෙන් තල්ලු කළාය. රෝගී තත්වය නිසාම දැඩි ලෙස දුර්වල වී සිටි මා හට කිසිවක් කර ගැනීමට නොහැකි විය. ඇය තල්ලු කළ පුටුවේ මා වාඩි වූයෙමි. පසුව මා වෛද්‍යතුමිය දෙසට හැරුනු විට ඇය [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මේ පැත්තට හැරෙන්න ඕනි නෑ [/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යනුවෙන් පැවැසීය. මා අසල සිටි මාගේ අම්මාටද කළ හැකි කිසිවක් නොවීය. ඉන්පසු ගිය ගොන්කම නිසා බෙහෙත් ටික ලියා ගන්නවා යනුවෙන් සිතූ මම වෛද්‍යතුමියට පිටුපා අම්මා දෙසට හැරී වාඩි වී සිටියෙමි.. දැන් වෛද්‍යතුමිය රෝග ලක්ෂණ විමසයි. ඒ මාගෙන් නොවේ. අම්මාගෙනි. මාගෙන් කිසිවක් විමසුවේද නැත. අම්මාගෙන් දැනගත් රෝග ලක්ෂණ වලට අනුව එම වෛද්‍යතුමිය[/FONT][FONT=&quot]රැගෙන ගිය තුන්ඩු කැබැල්ලේ බෙහෙත් කිහිපයක් ලියා දුන්නාය. එළියට එන ගමන් අම්මා.. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මෙහෙමත් දොස්තරලා.. ‍නොදකීං විතරක්[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යනුවෙන් ඇගේ කෝපය මා හට පළ කළාය. [/FONT]

    [FONT=&quot]අම්මා බෙහෙත් පෝලිමට යනකං සිටි මා කිසිවක් නොදොඩාම රෝහලේ අධ්‍යක්ෂතුමිය වෙත එළඹුනෙමි. උණ නිසාම අධික ලෙස මා වෙව්ලන්නට විය. මා එහි යන විට අධ්‍යක්ෂතුමිය මඳක් ඉවතට ගිය බව පැවසූ එතැන සිටි කාර්යාලීය සේවිකාව මා පැමිණි කාරණාව විමසා සිටියාය. මා පැමිණල්ලක් කිරීමට තිබෙන බව පැවසූ නිසා ඇය මාවෙත [/FONT][FONT=&quot]A4[/FONT][FONT=&quot] ෂීට් එකක් දිගු කර එහි අදාල කාරණය ලියා දෙන ලෙස පැවසූවාය. මට පැවසීමට ඇති සියලුදේ එහි සඳහන් කර මාගේ දුරකතන අංකය ද ලියා අදාළ ලිපිය එම කාර්යාලිය සේවිකාවට දුන් මා පහළට පැමිණ [/FONT][FONT=&quot]OPD [/FONT][FONT=&quot]අංශයේ බංකු මත වාඩි වූයෙමි . ඒ වන විටත් අම්මා බෙහෙත් පෝලිමේය. අදාළ ලිපිය රෝහල් අධ්‍යක්ෂතුමිය වෙත ලැබුනේද නැද්ද යන්න මා දන්නේ නැත. නමුත් ඒ මොහොතේ මා හට කළ හැකිව තිබුනේ එය පමණි. අතපය දිගුකරමින් එම පාහර වෛද්‍යතුමියට සංග්‍රහ කළේ වී නම් හෙට දින සිට දහසකුත් අහිංසක රෝගීන්‍ ගේ ජීවිත හා සෙල්ලම් කරමින් ඕකුන් වැඩ වරති. අපහට බෙහෙත් පිනට දෙන්නේ ආණ්ඩුවෙන් විනා එම වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ධනයෙන් නොවේ. රෝගීන් හට අදාළ බෙහෙත් නියම කිරීම වෙනුවෙන් ආණ්ඩුවෙන් ඔවුන්ට පඩි ගෙවනු ලැබේ. එසේ හෙයින් රෝගියෙකු හා වෛරයෙන් රෝගියාට දෝෂාරෝපනය කරමින් මෙසේ ලබා දෙන බෙහෙත් මගින් රෝගියාට ශාරීරික වශයෙන් සුවයක් ලබාදුන්නත් අදාළ රෝගියා මානසික වශයෙන් බිඳ වැටීමකට ලක් නොකරන්නේද.. ? [/FONT]

    A patient must have confidence in the competence of their physician and must feel that they can confide in him or her. For most physicians, the establishment of good rapport with a patient is important. Some medical specialties, such as psychiatry and family medicine, emphasize the physician-patient relationship more than others, such as pathology or radiology.

    (ප.ලි. හැම වෛද්‍යවරයෙක්ම මෙසේ නොවන බව මා හොඳා කාරවම දනිමි. :yes:)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය මොකියක්ද බං..? වැරදිලා දොස්තර කෙනෙක් වෙච්ච බැල්*යෙක් වෙන්න වෙන්න ඕනෙ... නමත් එක්කම දාපං ඔක්කොටම දැනගන්න..:angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෙමල ගෑනියෙක් කිව්වා නේද..? ශුවර් කොටි දොස්තර කෙනෙක් වෙන්න ඇති... සිංහල උන් පේන්න බැරි ඒකනේ....
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔය මොකියක්ද බං..? වැරදිලා දොස්තර කෙනෙක් වෙච්ච බැල්*යෙක් වෙන්න වෙන්න ඕනෙ... නමත් එක්කම දාපං ඔක්කොටම දැනගන්න..:angry:
    නමක් නං දන්නෑ.. සමහරවිට ලියපු තුණ්ඩුවේ ඇති.. ඒක දැන්නෙ මතක් වුනෙ.. දෙමළ දොස්තර ගෑණියෙක්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නමක් නං දන්නෑ.. සමහරවිට ලියපු තුණ්ඩුවේ ඇති.. ඒක දැන්නෙ මතක් වුනෙ.. දෙමළ දොස්තර ගෑණියෙක්

    නමත් එක්කම ලියලා පැමිනිල්ල කරා නම් තමයි හොඳ...
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. ලේඩි ඩොක්ටර්ස්ලා විතරක් නෙවෙයි ඕනම කෙනෙක් එයාලගේ පර්සනල් ස්පේස් එක ඉන්වේඩ් කරනවට කැමති නෑ. ඒ වුනාට ලේඩි ඩොක්ස්ලගේ ඔය ගතිය ටිකක් වැඩිපුර තියෙනවා :P ලලනාවෝ නේ :D ඕවා අරින්න බෑ :D

    2. සෙම/කැස්ස තියෙන ලෙඩෙක්ගෙ මූණ කොහොමත් ඩොකෙක්ගෙ පැත්තට හරවන්නේ නෑ. ලෙඩාගෙන් ජර්ම්ස් ඩොකාට බෝ වුනොත් වාට්ටුවටම කැස්ස හැදෙයි ඊලග දවසේ. මම දන්න තරමට බඩ බලනකොටත් ලෙඩාගේ මූණ අනිත් පැත්තට ( වම් පැත්ටට ) හරවනවා. ලෙඩාට එක පාර කැස්සක් ආවොත් සෙම වමනෙ ගියොත්, ඒක පරීක්ෂා කරන ඩොකාගේ මූනට වදිනවා නැත්නම්. හරි නම් කැස්ස තියෙන ලෙඩෙක්ට ෆේස් මාස්ක් එකක් දාන්න ඕන. ඒත් ඉතින් මේක ලංකාව නේ. අනිත් එක පෙණහලු ඉස්සරහින් බලනවට වඩා පිටිපස්සෙන් ( පිට පැත්තෙන් ) බලනකොට තමයි වැඩි පෘශ්ඨීය වර්ගඵලයක් පරීක්ශා කරන්න පුලුවන් වෙන්නේ.:rolleyes::rolleyes:

    3. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල කොහොමත් පෝලිම වැඩියි. ඒකට කොරන්න දෙයක් නෑ :no::no:

    4. අපි කාට හරි බනින්නම නම් බලාගෙන ඉන්නේ ඒ මනුස්සයගේ හොඳක් කවදාවත් පේන්නේ නෑ.;);)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බින්දු;15074845 said:

    උඹ ඔහොම කිව්වට මම පොඩි කාලේ බෙහෙත් ගත්ත ඩොක්ටර් කෙනෙක් හිටියා හරිම හොඳයි... පුතා කියලා කතා කරන්නෙ... ඔය වගේ කවදාවත් කරලා නෑ...
    කොහොමත් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඉන්න දොස්තර ගෑනුන්ව මට නම් පේන්න බෑ.. එක පාරක් අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් කොන්දේ අමාරුවක් ජෙනරල් හොස්පිටල් එකට අරන් ගියා.. ඒ ඩොස්තර ගෑනි දවස් 2ක් යනකන් පැනඩෝල් එකක්වත් දීලා නෑ.. මම ලෙඩාගෙ තත්වෙ මොකද කියලා ඇහුවහම මගේ ඇඟට ආවා කෑ ගහගෙන ලෙඩාගෙ තත්වෙ අපි බලාගන්නම් කියලා.. පස්සෙ බලෙන් ටිකට් කප්පවගෙන අරන් ගියා... ඒ ගෑනි ලෙඩ්ඩුන්ටයි.. බලන්න එන උන්ටයි ඔක්කොටම බනිනවා කටු බැල්ලියෙක් වගේ...
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බින්දු;15074845 said:
    1. ලේඩි ඩොක්ටර්ස්ලා විතරක් නෙවෙයි ඕනම කෙනෙක් එයාලගේ පර්සනල් ස්පේස් එක ඉන්වේඩ් කරනවට කැමති නෑ. ඒ වුනාට ලේඩි ඩොක්ස්ලගේ ඔය ගතිය ටිකක් වැඩිපුර තියෙනවා :P ලලනාවෝ නේ :D ඕවා අරින්න බෑ :D

    2. සෙම/කැස්ස තියෙන ලෙඩෙක්ගෙ මූණ කොහොමත් ඩොකෙක්ගෙ පැත්තට හරවන්නේ නෑ. ලෙඩාගෙන් ජර්ම්ස් ඩොකාට බෝ වුනොත් වාට්ටුවටම කැස්ස හැදෙයි ඊලග දවසේ. මම දන්න තරමට බඩ බලනකොටත් ලෙඩාගේ මූණ අනිත් පැත්තට ( වම් පැත්ටට ) හරවනවා. ලෙඩාට එක පාර කැස්සක් ආවොත් සෙම වමනෙ ගියොත්, ඒක පරීක්ෂා කරන ඩොකාගේ මූනට වදිනවා නැත්නම්. හරි නම් කැස්ස තියෙන ලෙඩෙක්ට ෆේස් මාස්ක් එකක් දාන්න ඕන. ඒත් ඉතින් මේක ලංකාව නේ. අනිත් එක පෙණහලු ඉස්සරහින් බලනවට වඩා පිටිපස්සෙන් ( පිට පැත්තෙන් ) බලනකොට තමයි වැඩි පෘශ්ඨීය වර්ගඵලයක් පරීක්ශා කරන්න පුලුවන් වෙන්නේ.:rolleyes::rolleyes:

    3. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල කොහොමත් පෝලිම වැඩියි. ඒකට කොරන්න දෙයක් නෑ :no::no:

    4. අපි කාට හරි බනින්නම නම් බලාගෙන ඉන්නේ ඒ මනුස්සයගේ හොඳක් කවදාවත් පේන්නේ නෑ.;);)
    මං මචං එයාගෙ පර්සනල් ස්පේස් එක ඉන්වේඩ් කොරන්ඩ ගියෙ නෑ.. අඩි එක හමාරක් විතර ඈතින් වාඩි උනේ.. අනික ඒ ගෑනි මුහුණ ආවරණයකුත් පැළඳගෙන හිටියෙ.. මගෙ කිසිම දෙයක් පරීක්ෂා කළෙත් නෑ.. පෝලිම වැඩි එක ප්‍රශ්ණයක් නෙමෙයි.. මම දොස්තරට බනින්න බලාගෙන ඉස්පිරිතාලෙට ගියෙනෑ.. මේ වයිරස් උණට බෙහෙත් ගන්නයි ගියෙ.. වෛද්‍යවරයෙක් උනාම මීට වඩා රෝගීන් කෙරෙහි කරුණාව දයාව දක්වන්න ඕනෙ කියන එකයි මගේ අදහස..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට හිතෙන්නෙ රජයෙ රෝහල් වල දොස්තරලට ඕක වෙන්නෙ(නපුරු කම) මිනිස්සු බෙහෙත් ගන්න යනකොට සල්ලි දෙන්නෙ නැ නෙ :oo: අනිත් එක රජයෙන් පඩියක් ලැබෙනව කියන එකත් අමතක වෙනව ඇති:baffled: අද අපෙ අම්ම බෙහෙත් අරන් ආවා මහ රොහලෙන් ඇවිල්ල කිව්වෙ හරි හොද චුටි දොස්තර නොනා කෙනෙක් හිටියෙ කියලා:love: (මටත් ආස හිතුනා):rofl: ගියපු ගමන් කතාකරලා විස්තර අහලා කරුනාවන්ත විදියට:cool: වෙන දවස් වලට නම් එන්නෙ අපොයි අර ගැනි...... මිනිස්සුට බෙහෙත් ටික ලියල දෙන එක විතරමද දොස්තරගෙ රාජකාරිය:dull:ප්‍රයිවට් තැන් වල නම් සල්ලි ගන්න නිසාද කොහෙද කොහොමත් විනාඩි 15ක් විතර ලෙඩාව පරික්ශා කරනවා:yes: ගොඩක් අය කතා කරන්නෙත් නිකන් බුදුෆිට් එකක් කලෙකින් දැක්ක වගෙ:rofl: දන්න අදුනන අයට උනාට මට නම් ඔහොම දෙවල් වෙලා නැ:no: කොතනත් එකයි මනුස්ස කම නැති එවුන් දැන් වැඩිපුර ඉන්නෙ :(
    මම ලෙසියට බෙහෙත් ගන්නෙ (බොන්නෙ) නැති නිසා:dull:
     
    ඇත්ත මචං, පෙලක් දොස්තරලා බෙහෙත් දෙන්න ඕනි නෑ.. කතා බහ කරන විලාසයටම ලෙඩ හොඳවෙනව..ඒ තරම් කරුණාවන්ත දොස්තරලා ඉන්නවා.. :yes:
     
    • Like
    Reactions: prageeth119lk

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හැම දොස්තරම නෙවෙයි , ඒත් සැලකිය යුතු පිරිසක් ඉන්නව බල්ලෝ වගේ....
    ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට එන ලෙඩ්ඩුන්ට හෙණ ගෙම්බර්..
    හැබයි පී පී එකට එන උන්ට රජ සැලකිලි........
    මටත් ඔය වගේම සිද්දියක් උන කොලබදි...
    එක අතකට මේ වගේ ගොන් දොස්තරල දකිනකොට පෞද්ගලික වයිද්‍ය විද්යාල තියේන්න ඕනි කියලත් හිතෙනව.........

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නමත් එක්කම පැමිණිලි කරපන් :angry::angry:
    මේ ලගදි වාට්ටුවෙ දොස්තර TV බලන්න ගිහින්, ළමයෙක් මැරිලා තිබ්බ :dull:
    හොද මනුස්සයො දැන් කොතනත් අඩුයි
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Uba doc wela bo wena ledak thiyena ekek awa nam uba karanneth okama thama. Eka nisa hama ekema waradi hoyan nathuwa next time channel center ekakata yanna.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Peradeniya teaching hospital eka gana kiwa yuthu deyak atha. University eke health center eken mawa asanipayakata Peradenya teaching hospital ekata athulath kalemi. MAVA MULINMA OBSERVATION WARD EKATA ATHULATH KALEMI. Doctor kenek avith parikksha kara bala giyeya. Medical students la professor kenek ekka avith mava anith pattha mea pattha harawa harawa medical students lata notes liyanna kiweya. Professor good yai kiweya. Mata newe, Medical students la liyapu notes good yai kiweya. Thawa tikakin thawa Doctor kenek aveya ,parikksha kara bala mata kama kanna kiya kiweya. Thawa tikakin thawa doctor kenek aveya . Parikksha kara bala kama kanna epa yai kiweya. Mata podi kaley sellamata karapu doctor ragapam mathak uneya. Mata una lokuma asadaranaya eya nowe.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Observation ward eke ata padiccha nurse kenek sitiyeya. Tika welawak yana wita mea ata nurse ta manasika rogayak thibena bava mata vatahuneya. Mea ata nurse ta pirimi aya samaga kenthiyakin [anger] ekak atha. Ayata pirimi pennanna bariya. Sahena amaruwakin siti mata aden adhata keepa wathawak maru kaleya. Mama vahama kamatthen ticket kapa gena apahu University health center ekata aveya.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    University health center eken mawa Kandy hospital ekata admit kaleya. Ahidi ward eka barawa tamil young kind beautiful lady doctor kenek saha ward eke chief doctor wasayen Sinhalese sara Lady doctor kenek sitiyeya. Mea chief sara Lady doctor sara unath aya deepu beheth pethi walin Mata hodhatama sanipa viya. Mava suwa kalata Mama hithin ayata pin duni.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama kiyanne , Peradeniya saha University eke inna ayata peradeniya teaching hospital ekata wada Kandy hospital eka good yai kiyanne ath dakim asureni.