අවුරුදු දහයකට සැරයක්
එම කාර්යාලයට අලුතින් පත්ව ආ කොමසාරිස්වරයා කිසිදු ප්‍රතිපත්තියක් නැති, තම සේවකයන් වෙත කිසිම තෙතමනයක් නොදක්වන, තම නිලධාරීන්ගේ කේලාම් අසා වැරැදි තීරණ ගන්නා නිසරු පුද්ගලයකු බව ඔහුගේ කාර්යාල කාර්ය සහායක පියල් වටහා ගත්තේ ඔහු සේවය සඳහා මුලින්ම පැමිණ දින දෙක තුනක් යද්දීමය...