අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා ලෝකය නැවත හටගැනීමෙන් පසුව මුලින්ම මනුෂ්‍ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි සමාධිය ආහාරය කොටගත් බ්‍රහ්මයින් රස පොළොවේ රසය කෙරෙහි තෘෂ්ණාවෙන් රස පොළොවේ කුළුඳුලේ හටගත් බිම් පපඩම්, මීපැණි රසැති තම්පලා, මහපොළොව...