විශාලතම අන්තර්ජාල ඔත්තුසේවා මෙහෙයුම..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,812
    8,026
    113
    මෙන්න මෙතන...
    විශාලතම අන්තර්ජාල ඔත්තුසේවා මෙහෙයුම..

    PRISM - එඩ්වර්ඩ් ස්නෝඩන් හෙලිකල ලොව විශාලතම අන්තර්ජාල ඔත්තුසේවා මෙහෙයුම

    PRISM යන කෙටි නාමය යොදා ඇත්තේ අමෙරිකානු NSA ඔත්තු සේවයත්, බ්‍රිතාන්‍යයේ GCHQ ඔත්තු සේවයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබූ ලෝක ව්‍යාප්ත අන්තර්ජාල තොරතුරු රැස්කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ සේවාවකි.

    NSA හෙවත් "නැෂනල් සිකියුරිටි ඒජන්සි" යනු අමෙරිකාවේ රහස් ඔත්තු සේවා අතරින් ඉතාමත් රහසිගතව ක්‍රියාත්මක වන, 1952 ස්ථාපනය කරනලද නමුත් 1990ව දශකය වනතෙක් අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ බහුතරයක් සමාජිකයින් පවා නොදැන සිටි ඔත්තු සේවාවකි. එය පිහිටුවීමේ අරමුණ ලොව පුරා අමෙරිකාවට සතුරු රාජ්‍යවල හා සංවිධානවල ඉලෙක්ට්‍රොණික පණිවුඩ හුවමාරු, චන්ද්‍රිකා පණිවුඩ හුමවාරු හා දත්ත සම්ප්‍රේෂණ වලට රහසින් සවන්දෙමින් ඔත්තු බැලීමයි.

    අමෙරිකාවේ CIA, ඩිෆෙන්ස් ඉන්ටෙලිජන්ස් ඒජන්සි (DIA), නැෂනල් රෙකොනයිසන්ස් ඔෆිස් (National Reconnaissance Office - NRO), ජියෝ-ස්පේෂල් ඉන්ටෙලිජන්ස් ඒජන්සි (National Geospatial-Intelligence Agency - NGA) යන ප්‍රධාන ඔත්තුසේවා සමගද FBI රහස් පොලීසිය සමගද එක්ව ක්‍රියාකරයි. බ්‍රිතාන්‍යයේ GCHQ ඔත්තු සේවය ද මෙම අරමුණින්ම බ්‍රිතාන්‍යය ආරක්ශක අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලද ඔත්තු සේවාවකි. එය බ්‍රිතාන්‍යයේ MI5. MI6 හා ඩිෆෙන්ස් ඉන්ටෙලිජන්ස් (DI) සේවය හා ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

    අමෙරිකානු ඔත්තු සේවා අතරින් බොහෝ දෙනෙකු නොහඳුනන නැෂනල් රෙකොනයිසන්ස් ඔෆිස් (NRO) අමෙරිකාවේ ඔත්තු බලන චන්ද්‍රිකා සියල්ලම පාලනය කරන හා ඒවායින් තොරතුරු ලබාගෙන සියලුම ඔත්තුසේවා හා ආරක්ශක සේවාවලට බෙදාහරින ආයතනයයි. ජියෝ-ස්පේෂල් ඉන්ටෙලිජන්ස් ඒජන්සිය අමෙරිකානු ඔත්තුසේවා හා ආරක්ශක හමුදාවලට අවශ්‍ය ඉතා නිවැරදි සිතියම් හා වෙනත් භූවිෂමතා තොරතුරු ලබාදෙන ආයතනයයි.

    PRISM යන්නෙහි දිගුව Planning Tool for Resource Integration, Synchronization, and Management යන්නයි. අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩළය හා සෙනේට් සභාවටද රහසින් ක්‍රියාත්මක වූ මෙම ඔත්තු බැලීමේ මෙහෙයුම පිලිබඳව දැනුවත්ව සිටියේ සෙනෙට් සභාවේ ඔත්තුසේවා පිලිබඳ කාරක සභාවේ (Senate Intelligence Committee) ඉතා ජෙෂ්ඨ සෙනේට් සභිකයින් කිහිප දෙනෙකු හා අමෙරිකානු හා බ්‍රිතාන්‍ය ඔත්තුසේවාවල ඉහල නිළධාරීන් කිහිපදෙනෙකු පමණකි.

    PRISM අන්තර්ජාල ඔත්තුසේවා මෙහෙයුම මගින් අමෙරිකානු අන්තර්ජාල සමාගම් වන Microsoft, Yahoo, AOL, Facebook, Google, Apple, PalTalk, YouTube, Skype වල අන්තර්ජාල සර්වර් හා දත්ත හුවමාරු මධ්‍යස්ථානවලින් ලැබෙන ටෙරා-බයිට් දහස්ගණනක දත්ත ඉතා වේගයෙන් පිරිපහදු කොට, අමෙරිකානු ආරක්ශක හා ඔත්තුසේවා වලට අවශ්‍ය පුද්ගලයින්ගේ සියලුම අන්තර්ජාල කටයුතු, එනම් ඊමේල්, අන්තර්ජාල සැරිසැරීම්, සමාජ-ජාල හා වෙනත් අඩවිවල තබන සටහන්, පෞද්ගලික කථාබහ (private chat/ private messages), සකයිප් කථාබහ, අන්තර්ජාල මිලිදී ගැනීම්, තොරතුරු සෙවීම්, ඩවුන්ලෝඩ් කිරීම්, අප්ලෝඩ් කිරීම් වැනි මෙකී නොකී දහසකුත් එකක් අන්තර්ජාල ගනුදෙනු සියල්ලේම තොරතුරු ඉතා පහසුවෙන් එක් රැස්කොට ලබාදෙන වැඩසටහනකි.

    ප්‍රිස්ම් වැඩසටහන පිලිබඳව ලොවට හෙලිකලේ කලක් NSA ඒජන්සියේ සේවයකල එඩ්වර්ඩ් ස්නොඩන් විසිනි. ඔහු විසින් NSA හි සේවයකරන අවධියේ සොරාගත් ප්‍රිස්ම් වැඩසටහන පිලිබඳ රහසිගත තොරතුරු ඇතුලත් ලිපිගොනු කිහිපයක් වොශිංටන් පෝස්ට් පුවත්පතට හා බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට මුදා හැරීමෙනි. මෙම තොරතුරු අතර ප්‍රිස්ම් වැඩසටනේ ක්‍රියාකාරිත්වය, එයට බද්ධව ක්‍රියාකරන අමෙරිකානු අන්තර්ජාල හා තාක්ශණික සමාගම් පිලිබඳ තොරතුරු විස්තර කෙරෙන පවර්පොයින්ට් ස්ලයිඩ 41ක් ඇතුලත් PPT ගොණුවක්ද විය.

    මෙම ඔත්තුබැලීමේ වැඩසටහනට නෛතික ආවරණය 2001 ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව බුෂ් රජය විසින් සම්මත කරගන්නා ලද "Protect America Act" හා "Foreign Intelligence Surveillance Act" යන පනත් වලින් ලැබී ඇත. එම පනත්වලට අනුව අමෙරිකානු සමාගම්. අමෙරිකානු ආරක්ශක අංශවලින් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමට බැඳී සිටී. නීතියේ විස්තර කෙරෙන ආකරයට NSA වැනි ඔත්තුසේවාවක් තමන්ට අවශ්‍ය පුද්ගලයන් හෝ ආයතනයේ තොරතුරු අදාල සමාගම් වලින් ඉල්ලා සිටීමට ප්‍රථම ඒ පිලිබඳව එම පනත් මගින් ස්ථාපනය කරන ලද නිසි බළධාරී ආයතනයෙන් අවසර ගත යුතුය.

    එහෙත් ස්නෝඩන් හෙලිකල ආකාරයට හා එම හෙලිදව්ව සමග වෙනත් අයවලුන් හෙලිකල තොරතුරු වලට අනුව ඇපල්, මයික්‍රෝසොෆ්ට්, ගූගල්, යාහූ, ෆේස්බුක් වැනි සමාගම්වල පරිගණක සර්වර් වලට කෙලින්ම ඇතුලුවී අවශ්‍ය තොරතුරු කිසිදු පූර්ව අනුමැතියකින් තොරව ලබාගත හැකිබව හෙලිවී ඇත. NSA ඔත්තු සේවාවේ ප්‍රිස්ම් වැඩස්ටහනේ මෘදුකාංගවලට මෙම සමාගම්වල සර්වර් තුලට ඇතුලුවී ඕනෑම රහසිගත දත්තයක් ලබාගත හැකිවන ලෙස සකස්කල පසුපස දොරටු (back-door) නම් රහස් පිවිසුම් එම සමාගම් විසින් සිය කැමැත්තෙන්ම (නීතියට අවනත වීම සඳහා) සකස් කොට දී ඇති බවද හෙලිවී ඇත.

    හෙලිවී ඇති තොරතුරු අනුව NSA ඒජන්සියේ පහල මට්ටමේ බුද්ධි තොරතුරු විශ්ලේෂකයින්ට (low level intelligence analysts) පවා ප්‍රිස්ම් පද්ධතියට ඇතුලුවී තමන් කැමති ඕනෑම පුද්ගලයෙකුගේ ඊමේල්, ෆේස්බුක් පොස්ට්, ප්‍රයිවට් චැට්, ස්කයිප් වීඩියෝ සංවාද, අන්තර්ජාල ගොනු ගබඩා සේවා (ගූගල් ඩ්‍රයිව්, ඩ්‍රොප්බොක්ස්, මයික්‍රොසොෆ්ට් වන්ඩ්‍රයිව් ආදී), මයික්‍රොසොෆ්ට් අවුට්-ලුක් එක්ස්චේන්ජ් සේවාව හරහා යන ඕනෑම ඊමේල් පණිවුඩයක්, අන්තර්ජාලය හරහා යන ඕනෑම දුරකථන සංවාදයක් (VoIP calls) වැනි ක්‍රියාකාරකම් අතිවිශාල ගණනක තොරතුරු සජීවීව, කිසිදු පූර්ව අවසර ගැනීමකින් තොරව ලබාගෙන විශ්ලේෂණය කල හැකිය.

    එපණක් නොව එම බුද්ධි තොරතුරු විශ්ලේෂකයින් හට අවශ්‍යය පුද්ගලයින්ගේ සියලුම අන්තර්ජාල ක්‍රියාකාරකම්, හුවමාරු කරගන්නා තොරතුරු, ගොනු, දුරකථන පණිවුඩ හා සක්යිප් සංවාද යනාදී සියල්ල NSA දත්ත ගබඩාවල ගබඩාකරගත හැකිය.

    මෙවැනි අතිවිශාල දත්ත රැස්කරගැනීමට හා විශ්ලේෂණය කිරීමට අවශ්‍ය සුපිරි පරිගණක බලය (computing power) ලබාගැනීම සඳහා 2013දී NSA ඒජන්සිය අමෙරිකාවේ යූටා ප්‍රාන්තයේ (State of Utah) ඩොලර් බිලියන 2ක වියදමින් අතිනවීන පරිගණක මධ්‍යස්ථානයක් නිමවන ලදී. මෙහි පරිගණක සර්වර් සවිකිරීම සඳහා වෙන් කොට ඇති ඉඩ ප්‍රමාණය වර්ග අඩි 100,000ක් හෙවත් අක්කර 2.29 වපරිසයෙන් යුක්ත බව වාර්තාවන අතර මෙම සර්වර් හා සුපිරි පරිගණක සිසිල්ව තබාගැනීම සඳහා ටොන් 60,000ක් බර වායුසමන පද්ධතියක්ද ඒ සඳහා දිනකට අවශ්‍ය ජලය ගැලුම් මිලියන 1.7ත් ගබඩා කිරීම හා පොම්ප කිරීම සඳහා පහසුකම් වලින්ද යුතු බව පැවැසේ. මෙම අතිවිශාල සංකීර්ණයේ බලශක්ති අවශ්‍යතාවය මෙගා වොට් 65ක් බවද වාර්තාවේ.

    මෙම මධ්‍යස්ථානයේ ගබඩාකල හැකි පරිගණක දත්ත ප්‍රමාණය සිතා ගැනීමටත් නොහැකිත තරමට විශාල බව පැවසේ. එහි ධාරිතාවය යොටා බයිට 1ක් බව පැවසේ. යොටා බයිටයක් යනු බයිට 1024 ප්‍රමාණයකි.
    සංසන්දනාත්මකව ගිගාබයිටයක් බයිට 109 ප්‍රමාණයකි.යොටා බයිටයක ගබඩාකල හැකි දත්ත ප්‍රමාණය A4 පිටුවල ලියූ තොරතුරු වලින් පෙන්වන්නේ නම් පිටු 500,000,000,000,000,000,000 ලියවිය හැකි තොරතුරු බවට අනුමාන කොට ඇත.
     
    Last edited:

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    PRISM - එඩ්වර්ඩ් ස්නෝඩන් හෙලිකල ලොව විශාලතම අන්තර්ජාල ඔත්තුසේවා මෙහෙයුම


    මෙම මධ්‍යස්ථානයේ ගබඩාකල හැකි පරිගණක දත්ත ප්‍රමාණය සිතා ගැනීමටත් නොහැකිත තරමට විශාල බව පැවසේ. එහි ධාරිතාවය යොටා බයිට 1ක් බව පැවසේ. යොටා බයිටයක් යනු බයිට 1024 ප්‍රමාණයකි.
    සංසන්දනාත්මකව ගිගාබයිටයක් බයිට 109 ප්‍රමාණයකි
    .යොටා බයිටයක ගබඩාකල හැකි දත්ත ප්‍රමාණය A4 පිටුවල ලියූ තොරතුරු වලින් පෙන්වන්නේ නම් පිටු 500,000,000,000,000,000,000 ලියවිය හැකි තොරතුරු බවට අනුමාන කොට ඇත.

    :oo::oo::baffled:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අම්ම ගහයි.. හැබැයි මචන් බලන් ගියාම ඒ රටවල් වළ ආරක්ෂාවට එහෙම නොකරත් බැ...
    අනිත් අතින් අපේ පුද්ගලික වැඩ කරන්නත් බැ මුන් එක්ක...

    එක නිසා තමයි ඔය ගොඩක් අය දැන් deepweb හරහා වැඩ කර ගන්නේ... එත් ඒවත් හොයා ගන්න පුළුවන් විදියවල් ඇති මුන්ට මචන්..
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    එක නිසා තමයි ඔය ගොඩක් අය දැන් deepweb හරහා වැඩ කර ගන්නේ... එත් ඒවත් හොයා ගන්න පුළුවන් විදියවල් ඇති මුන්ට මචන්..
    Deep Web ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Deep Web ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    හරියට ම නං දැන් නෑ .. darknet /deepnet කියනේ සාමාන්‍ය internet protocol වලට අයත් වෙන්නේ නැති විදිහට හදල තියන වෙබ් site වගේ .. සාමාන්‍ය browser, software වලින් access කරන බැරි , විශේෂ browser, software වලින් යන්න ඕනේ ඒවා ..
    ඒවගේ privecy හොදයිලු , survelince කරන එහම බැරිද කොහෙද ..ඒ හින්දම cyber crimes වලටත් use වෙන්ව ගොඩක් drugs , gun deals වලට under age porn , hitman ලා hire කරගන වගේ දේවල් වලට use කරනවා කියල තමා අහල තියෙන්නේ නං
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    හරියට ම නං දැන් නෑ .. darknet /deepnet කියනේ සාමාන්‍ය internet protocol වලට අයත් වෙන්නේ නැති විදිහට හදල තියන වෙබ් site වගේ .. සාමාන්‍ය browser, software වලින් access කරන බැරි , විශේෂ browser, software වලින් යන්න ඕනේ ඒවා ..
    ඒවගේ privecy හොදයිලු , survelince කරන එහම බැරිද කොහෙද ..ඒ හින්දම cyber crimes වලටත් use වෙන්ව ගොඩක් drugs , gun deals වලට under age porn , hitman ලා hire කරගන වගේ දේවල් වලට use කරනවා කියල තමා අහල තියෙන්නේ නං

    Thanks විස්තරේට.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හරියට ම නං දැන් නෑ .. darknet /deepnet කියනේ සාමාන්‍ය internet protocol වලට අයත් වෙන්නේ නැති විදිහට හදල තියන වෙබ් site වගේ .. සාමාන්‍ය browser, software වලින් access කරන බැරි , විශේෂ browser, software වලින් යන්න ඕනේ ඒවා ..
    ඒවගේ privecy හොදයිලු , survelince කරන එහම බැරිද කොහෙද ..ඒ හින්දම cyber crimes වලටත් use වෙන්ව ගොඩක් drugs , gun deals වලට under age porn , hitman ලා hire කරගන වගේ දේවල් වලට use කරනවා කියල තමා අහල තියෙන්නේ නං

    මේ තියෙන්නේ හොදටම විස්තර කරලා..