පෙම් රජදහනේ ..අහස් මාලිගාවන්
සිඳී බිඳී නටබුන් විසිරේ
කොහේද මා යන්නේ
එදා පටන් පෙම් බැඳී
හැඬූ පෙම්වතුන් නෙතින්
මහා කඳූලූ ගංගා......
මැවුණා ලොවේ
එවන් නදී තීරයේ මා තනිවමයි මා අසරණයි
ගසේ එතෙන මල් ලතා
මියෙන පෙම් සුසුම් නොවේ
පාළු වෙරළ අයිනේ නාඬන් ඉතින්
එවන් නදී තීරයේ ඔබේ පිළිරුවේ....
රූසිරු මැවේ...