"සමුගැන්මේ හාද්දකින්" සෙනසුරු තුරුලේ සැඟවෙන කැසිනි
වසර 13ක් පුරා සෙනසුරු ග්‍රහයා ඇසුරේ කාලය ගෙවූ ජාත්‍යන්තර කැසිනි අභ්‍යවකාශ යානය මේ සතියේ සිය මෙහෙවර අවසන් කරමින් විනාශය කරා යාම සඳහා පසුගියදා සිය ගමන් මග සකසා ගත්තේය.
සෙනසුරුගේ විශාල චන්ද්‍රයකුවන ටයිටන් හරහා සඳුදා කිලෝමීටර 120,000ක් පියාසර කළ...