මහණෙනි, ලෝකය නතරවෙන්නෙ මෙහෙමයි.
(1) ඇස හා රූපය නිසා චක්ඛුවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති...