ධර්ම_ගැටළුවක්

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නැ කියල දේශනා කරල තියෙන්නෙ කොකනද කියනවද ත්රිපිටකය මන් මේකේ දාල තියෙනව ඒක බම්ප් කරන්නන් දැන්...හරියට ම තියෙන තැන කියනවද

    මචං මම එක හොයල කියන්නම් හරියටම කොහෙද තියෙන්නේ කියල
    හැබැයි මෙහෙමයි ඕක කියවෙන්නේ ශුන්‍යතාවය කියන දර්ශනය ඇතුලත් වෙන්නේ අසුභවාදයකට
    නමුත් බුදු දහම අසුභවාදයක් නොවෙයි නේ .එකයි මම එහෙම කිව්වේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :confused::confused::confused:
    අනේ මචන් මට තේරුනේ නෑ නේ :sorry:

    මට තේරෙන්නෙත් නෑ බං.. :sorry:

    හැබැයි එක දෙයක් තේරෙනවා! :yes:

    පෙරයීම් කරමින් ඉන්නේ නැතිව සමත විදර්ශනා වඩලා චතුරාර්ය සත්‍ය අවබෝද කරලා නිර්වාණය සාක්ෂාත් කරන්නකෝ.
    උත්තරේ ඔයාටම හොයා ගන්න පුළුවන්.. :)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    sagee123:19414040 said:

    මචං මම එක හොයල කියන්නම් හරියටම කොහෙද තියෙන්නේ කියල
    හැබැයි මෙහෙමයි ඕක කියවෙන්නේ ශුන්‍යතාවය කියන දර්ශනය ඇතුලත් වෙන්නේ අසුභවාදයකට
    නමුත් බුදු දහම අසුභවාදයක් නොවෙයි නේ .එකයි මම එහෙම කිව්වේ
    නිවන ශුන්‍යයි කියන එකෙන් මන් අදහස් කරේ නිවන් දැක්කට පස්සෙ ශේෂ වෙන නාම හෝ රුප කායක් නැ කියන එකයි...නැත්තන් නිවන අර්ථ විරහිත දෙයක් කියන එක නෙමේ...ඒ තුල සම්පූර්ණ චතුරාර්‍යය සත්‍ය අවබෝධය තියෙනව...
     
    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    මෝඩයෝ....

    එළකිරි ගොන් ප්‍රශ්නයක් හා ගොන් ආතල් එකක්..... ලොල් (lol) :yes::P:P:P:P

    (විහිලුවට කිවූවා නෙවේ...)
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    එළකිරි ගොන් ප්‍රශ්නයක් හා ගොන් ආතල් එකක්..... ලොල් (lol) :yes::P:P:P:P

    (විහිලුවට කිවූවා නෙවේ...)

    පොඩ්ඩක් පැහැදිලි කරනවද කොහෙද ගොන් ආතල් එක තියෙන්නේ කියල
     
    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    පොඩ්ඩක් පැහැදිලි කරනවද කොහෙද ගොන් ආතල් එක තියෙන්නේ කියල

    ප්‍රශ්න ඇසීමේ කිසිම ගැටළුවක් නෑ මචන්. අනික මෙහෙම ධර්ම කාරණා විමසීම තවත් හොදයි.

    මෙතන තියෙන අවුල තමා එකෙක් නිවන ගැන අහනවා. තව සෙට් එකක් පැහැදිලි කරනවා. අන්තිමේට සමහරු උත්තරෙත් හොයාගෙන. උදාහරණයකින් පැහැදිලි කරනවානම් අලියෙක් ජීවිතේට දැකපු නැති එකෙක් අන්ධයෝ සෙට් එකකින් අලියා ගැන විස්තර අහල අන්තිමට අවසන් තීරනේකටත් එනවා වගේ වැඩක්.

    මෙහෙම කිරියේ පොස්ට් දාලාවත් රෙප්ලයි දීලවත් නිවන ගැන මෙලෝ දෙයක් තේරුම්ගන්ඩ බෑ මචන්. එකට වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක කොහේදෝ, උබලා වෙන කොහේදෝ යනවා.. lol

    දෙවෙනි කාරණය උබේ ඔය ප්‍රස්නේම බුදුහාමුදුරුවොන්ගෙන් ඇහුවාම දුන්න උත්තරේ තමා මෝඩයෙක් වගේ ඔහොම අප්‍රයෝජනවත් ප්‍රශ්ණ අසමින් කාලය නොකා, නිවන් මගට පිවිසෙන්න කියන එක. (මොඩය කිඋවේ මට හිතිලා නෙවේ. බණේ තියෙන්නේ එහෙමයි)

    මෙහෙම ත්‍රෙඩ් දාන එක හොදයි. ඒත් අන්තිමේ තේරුම්ගන්ඩ ඕනේ මේ කරන්නේ ගොන් වැඩක් කියල.
     
    උබ හිතනවට වඩා මේකේ ධර්මය ගැන දන්නා මිනිස්සු ඉන්නවා මචන් ..!!
    එක නිසා තමයි මේකට උත්තරයක් හම්බුනේ
    බුදුරජාණන්වහන්සේ උබ හිතන විදිහේ අන්තගාමි නෑ ..එහෙම අන්තගාමී නම් උන් වහන්සේ අජාසත්තට බන කියන්නෙත් නෑ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එළකිරි ගොන් ප්‍රශ්නයක් හා ගොන් ආතල් එකක්..... ලොල් (lol) :yes::P:P:P:P

    (විහිලුවට කිවූවා නෙවේ...)

    පොඩ්ඩක් පැහැදිලි කරනවද කොහෙද ගොන් ආතල් එක තියෙන්නේ කියල

    ප්‍රශ්න ඇසීමේ කිසිම ගැටළුවක් නෑ මචන්. අනික මෙහෙම ධර්ම කාරණා විමසීම තවත් හොදයි.

    මෙතන තියෙන අවුල තමා එකෙක් නිවන ගැන අහනවා. තව සෙට් එකක් පැහැදිලි කරනවා. අන්තිමේට සමහරු උත්තරෙත් හොයාගෙන. උදාහරණයකින් පැහැදිලි කරනවානම් අලියෙක් ජීවිතේට දැකපු නැති එකෙක් අන්ධයෝ සෙට් එකකින් අලියා ගැන විස්තර අහල අන්තිමට අවසන් තීරනේකටත් එනවා වගේ වැඩක්.

    මෙහෙම කිරියේ පොස්ට් දාලාවත් රෙප්ලයි දීලවත් නිවන ගැන මෙලෝ දෙයක් තේරුම්ගන්ඩ බෑ මචන්. එකට වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක කොහේදෝ, උබලා වෙන කොහේදෝ යනවා.. lol

    දෙවෙනි කාරණය උබේ ඔය ප්‍රස්නේම බුදුහාමුදුරුවොන්ගෙන් ඇහුවාම දුන්න උත්තරේ තමා මෝඩයෙක් වගේ ඔහොම අප්‍රයෝජනවත් ප්‍රශ්ණ අසමින් කාලය නොකා, නිවන් මගට පිවිසෙන්න කියන එක. (මොඩය කිඋවේ මට හිතිලා නෙවේ. බණේ තියෙන්නේ එහෙමයි)

    මෙහෙම ත්‍රෙඩ් දාන එක හොදයි. ඒත් අන්තිමේ තේරුම්ගන්ඩ ඕනේ මේ කරන්නේ ගොන් වැඩක් කියල.

    මචන් dkumara855,
    උයා වගේ අය ඒ කාලෙත් හිටියලු.

    මහා මංගල සුත්‍රය වැස්සකට හරි කියවල තියේද?

    ඒකෙ තියෙනවා බුදු හාමුදුරුවෝ මෙහෙම දේශනා කරලා,

    ඛන්තී ච සොවචස්සතා
    සමණානං ච දස්සනං
    කාලෙන ධම්ම සාකච්ඡා
    එතං මංගල මුත්තමං

    තේරුම
    ඉවසීම ද, කීකරු බව ද, ශ්‍රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය.

    මම තවත් කියන්න ඕන නැහැනේ. වැරැද්ද පෙන්නුවා. හදාගන්න එක ඔයාට බාරයි. මෙතන ධර්මය සාකච්චා වෙද්දී මෙතන ඉන්න අයට මෝඩයෝ කියල හෑල්ලු කලේ මෙතන ඉන්න අයව නෙවේ. ධර්මයයි

    මහා මංගල සුත්‍රය
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සංයුත්ත නිකායේ මාරසංයුත්තයට අයත් කස්සක සූත්‍රය . එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සමූහයාට නිවන් පිළිබඳවූ දහම් කථාවෙන් කරුණු දක්වනසේක. කරුණු සිතෙහි ගන්වනසේක. එහි උන්වහන්සේලා උනන්දු කරවනසේක. පී‍්‍රතියට පත් කළ සේක. උන්වහන්සේලාගේ සිත් පී‍්‍රති කළසේක. ඒ භික්ෂු සමූහයා ද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලු කන් ඇතිව බණ අසත්, එහි නිරතව සිටිත්. එවිට පාපී මාරයාට මේ අදහස විය. “මේ ශ්‍රමණ ගෞතමයා නිවන් පිළිබඳවූ දහම් කථායෙන් භික්ෂු සමූහයාට කරුණු දක්වයි. කරුණූ සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරවයි. ඔවුන් සිත පී‍්‍රතිකරවයි. ඒ භික්ෂූහු ද එයට කැමැතිව, සිත්හි ලා ගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලු කන් ඇතිව බණ අසත්, ඔවුන් නුවණැස් අවුරනු සඳහා මහණ ගොහුම්හු කරා යන්නෙම් නම් යෙහෙක” යනුවෙනි. පාපී මාරයා ගොවියෙකුගේ වෙස් ගෙන, මහ නගුලක් කරෙහි තබාගෙන, දික් කැවිටි ලීයක් අතින් ගෙන, විසිරගිය කෙස් ඇතිව, හණ රෙද්දක් පොරවාගෙන, මඩ වැකුණු පයින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේ ය. පැමිණ, “මහණ, මා ගොනුන් දුටුයෙහිදැයි” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය. අථ ඛො මාරො පාපිමා කස්සකවණ්ණං අහිනිම්මිනිත්වා මහන්තං නංගලං බන්ධෙ කරීත්වා දීඝපාවනයට්ඨිං ගහෙත්වා හටහටකෙසො සාණසාටිනිවත්ථො කද්දමමක්ඛිතෙහි පාදයෙහි යෙන භගවා තෙනුපසංකම්, උපසංකමිත්වා භගවන්තං එතදවොච ‘අපි, සමණ, බලීබද්දෙ අද්දසා’ති “පව්කාරය, තට ගොනුන්ගෙන් කවර වැඩෙක්ද?” “කිං පන, පාපිම, තෙ බලීබද්දෙහි”ති “යනුවෙන් ප්‍රශ්න කළහ. එවිට මාරයා බුදුරජාණන් වහන්සේ තමන් හැඳිනගත් බව දැන මෙසේ පැවසීය. මහණ, ඇස මගේමය, රූප මගේමය, ඇස හා රූපයාගේ පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය, එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මහණ, කනද මගේමය, හඬද මගේමය, කන හි හඬෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? නැහැය මගේමය. ගඳද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? දිව මගේමය, රසද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? කයද මගේමය, එහි හැපෙන දේත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මනස මගේමය, දහම් අරමුණුත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයත් මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් ගැළවෙන්නෙහිද? එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “පව්කාරය, ඇස තගේමය, රූප තගේමය. ඇස හා රූපයෙන් හටගන්නා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි ඇසත් නැත්තම්, රූපයත් නැත්නම්, ඇස් පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනක් නැත. පව්කාරය, කනද තගේමය, ශබ්දයද තගේමය, කන හා ශබ්දයෙන් උපදනා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි කනත් නැත්නම්, ශබ්දයත් නැත්නම්, කනෙහි පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනක් නැත. “පව්කාරය, නැහැය තගේමය, ගඳ තගේමය, නහය හා ගඳෙන් උපදනා විඤ්ඤාණායතනය ද තගේමය, පව්කාරය, යම්තැනෙක වනාහි නහයත් නැත්නම්, ගඳත් නැත්නම්, ගඳෙන් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තගේ ගමනක් නැත. “පව්කාරය, දිව තගේමය, රසත් තගේමය, දිව හා රසෙන් උපදනා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය. යම්තැනෙක වනාහි දිවත් නැත්නම්, රසත් නැත්නම්, දිවේ පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තගේ ගමනක් නැත. “පව්කාරය, සිත තගේමය. සිත් අරමුණු තගේමය. සිත හා සිත් අරමුණෙන් උපදනා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය, යම් තැනෙක වනාහි සිතත් නැත්නම් සිත් අරමුණත් නැත්නම් සිතේ පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම් එහි තාගේ ගමනක් නැත. එවිට මාරයා මෙසේ කීය. “යමෙකුට මෙය මගේය” යි කියත් ද, යම් කෙනෙක්, මෙය මගේය යි කියත් ද, එතන්හි ඉදින් ඔබගේ සිත ඇත්තේ නම්, මහණ, ඔබට මගේ මිදීමෙක් නැත. ‘යං වදන්ති මම යිදන්ති යෙ වදන්ති මමන්තිච ඵත්ථ චෙ තෙ මනො අත්ථි න මෙ සමණ මොක්ඛසී’ ති. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “යමෙක් මෙය මගේය.” කියත් ද, ඒ කිසිත් මගේ නොවේ. යම් කෙනෙක් හෝ මෙය මගේය යි කියත්ද, මම ඒ කිසිවෙකුත් නොවෙමි. පාපිය, කාරණය මෙසේ දනුව, මා ගිය මාර්ගයවත් තෝ නොදත්තෙහිය. “යං වදන්ති න තං මය්හං යෙ වදන්ති න තෙ අහං එවං පාපිම ජානාහි න මෙ මග්ගම්පි දක්ඛසී” ති. එවිට ඒ පාපී මාරයා පැහැදිලිවම භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මහණෙනි, ලෝකය නතරවෙන්නෙ මෙහෙමයි.

    (1) ඇස හා රූපය නිසා චක්ඛුවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    (2) කණත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    (3) නැහැය හා ගන්ධය නිසා ඝාණවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    (4) දිව හා රසය නිසා ජිව්හාවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    (5) කය හා ස්පර්ශය නිසා කායවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    (6) මනසත් ධර්මයත් නිසා මනොවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.

    මහණෙනි, මේ කිව්වේ ලෝකය නතර වන හැටියි."

    තථාගතයන් වහන්සේ ලෝකය නිර්ම‌‍‌‌‌‍‍‌‌ාණය වන ආකාරය ඉතා හොඳටත් පැහැදිළිවත්, දේශණා කර ඇති බව මෙයින් සිතට ගත හැකිය. මෙම ලෝක නිර්මාණය පැහැදිළි කළ හැකි වෙනත් සමතෙක් දෙවියන් බඹුන් මරුන් මිනිසුන් ඇතුළු කිසිම කෙනෙක් නැත. අන්ධයෝ කුමක් නොකියද්ද ...

    සංයුක්ත නිකාය..
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    anawashya gataluwak....
    A/L karanakota Campus eke gas kiyak thiyenawada ahanawa wage prashnayak...
    Eka danaganna onenam padam karala A/L pass wela campus yanna. ethakota gas gana danaganna puluwan... habai edata gas gana kiyada kiyana eka umbata wadagath na...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    anawashya gataluwak....
    A/L karanakota Campus eke gas kiyak thiyenawada ahanawa wage prashnayak...
    Eka danaganna onenam padam karala A/L pass wela campus yanna. ethakota gas gana danaganna puluwan... habai edata gas gana kiyada kiyana eka umbata wadagath na...
    hoda upamawak :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    12342672_1191331337562971_1092245959274719358_n.jpg
     
    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    anawashya gataluwak....
    A/L karanakota Campus eke gas kiyak thiyenawada ahanawa wage prashnayak...
    Eka danaganna onenam padam karala A/L pass wela campus yanna. ethakota gas gana danaganna puluwan... habai edata gas gana kiyada kiyana eka umbata wadagath na...

    එල. මමත් ඔයදේම කියන්ඩ ගියා. කිඋවේ වැරදියටද , තේරුම්ගත්තේ වැරදියට දන්නේ නෑ එකෙන්ම බැනුම් ඇහුවා. වඩා වැදගත් අවසානය මොන වගේද සෙවීම නොව, පියවරෙන් පියවර හෝ ඒ වෙත ළගාවීම. හැබැයි හරි පාරෙන්ම යන්ඩ මතකතියගන්ඩ.:baffled:
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල. මමත් ඔයදේම කියන්ඩ ගියා. කිඋවේ වැරදියටද , තේරුම්ගත්තේ වැරදියට දන්නේ නෑ එකෙන්ම බැනුම් ඇහුවා. වඩා වැදගත් අවසානය මොන වගේද සෙවීම නොව, පියවරෙන් පියවර හෝ ඒ වෙත ළගාවීම. හැබැයි හරි පාරෙන්ම යන්ඩ මතකතියගන්ඩ.:baffled:
    :(:no:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    එල. මමත් ඔයදේම කියන්ඩ ගියා. කිඋවේ වැරදියටද , තේරුම්ගත්තේ වැරදියට දන්නේ නෑ එකෙන්ම බැනුම් ඇහුවා. වඩා වැදගත් අවසානය මොන වගේද සෙවීම නොව, පියවරෙන් පියවර හෝ ඒ වෙත ළගාවීම. හැබැයි හරි පාරෙන්ම යන්ඩ මතකතියගන්ඩ.:baffled:

    මට තේරෙන විදිහට ඔයා ප්‍රශ්නෙවත් හරියට තේරුම් අරන්ද කියල සැකයි
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඔබ සියලු දෙනාටම තෙරුවන්සරණයි ..!!
    උදව් කල සියලුම දෙනාට මේ කළාවූ ධර්ම ධානමය පින උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද කරගැනීම සදහා හේතුවාසනා වේවා