මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති චක්කං‘ව වහතෝ පදං..
මනස ධර්මයන්ට පෙරටු වෙයි, ශ්‍රේෂ්ඨ වෙයි. ධර්මයෝ මනසින් ම උපදිත්. ඉදින් දූෂිත සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් ගොනු අනුව යන ගැල් සක මෙන් දුක ඔහු ලුහුබඳියි….