නිදි නැති මංගල රාත්‍රියේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි වී වැලපෙන තම මනාළිය කඳුලු මීදුමක සැඟවී හඬන සඳකට උපමා කෙරෙයි.
තාරකා, දියේ ගිලුනු කල එහි නිල් එලිය නිවෙන්නා සේ කඳුලු පිරීමෙන් තාරකා වන්වූ ඇයගේ නෙතු යුගෙහි දීප්තිය නැතිව යයි.
වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙති වන් වූ ඇගේ දෙතොල් සලිත වෙයි...