සෙව්වන්දි ලග්ගල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. වයස අවුරුදු 13කි. පවුලේ එකම දියණිය වන ඇයට දෙමව්පියන් තම පණ දෙවැනි කොට ආදරය කළේය. ආදරය වැඩිකමටමදෝ කොහෙද ඇය ඉල්ලන බොහෝ දේවල් දෙවරක් නොසිතා ලබා දීමට එම දෙමව්පියෝ කටයුතු කළහ.
ලග්ගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඇය අධ්‍යාපනය හැදෑරුවාය. කොතරම් පහසුකම්...