මිල්ල කැපීම
ප්‍රධාන යාතුකර්මය පැවැත්වීමට පෙර, ශාන්තිකර්මය පැවැත්වෙන දින සවස 4 ට පමණ, පසුදා උදෑසන පැවැත්වෙන ගිනි පෑගීමේ අවස්ථාව සඳහා අවශ්‍ය දර එකතු කිරීම සිදු කරනු ලබයි. සුදු පිරුවට හැඳ, සුදු බැනියමක් ඇඳ කපුරාළ සැරසෙන අතර, රඟමඩලෙන් (ගම්මඩු භූමියෙන්) පිටස්තර කැළයකට ගොස් මිල්ල ගසක් සොයා ඒ වටා ගොක්...