පිදේනි දීම (මැදියම)
තුන්යාමේ දෙන පිදේනිවලින් මධ්‍යම රාත්‍රියේදී පිදේනි දෙන්නේ සන්නි කුරුම්බරටය. පෙරයම දී මෙන්ම මෙහිදී ද තටුවලට පිදේනි ලබාදෙන අතර මහයාමේ පිදවිල්ල ලෙස ද මෙය හඳුන්වනු ලැබේ. මෙම යාමයේ යකුන්ගේ ක්‍රියාකාරිත්වය වඩා වැඩියෙන් වෙතැයි සැලකෙන අතර සන්නියකුන් දහඅට දෙනාට පිදවිලි දීම සිදුකරයි...