එය මෙසේ සිදුවිය..
ඊයේ පෙරේදා
ඉඳ ගෙන
හරි වැස්ස
සමහර අයට
වැළඳුනි
ඒකෙන් කැස්ස
අවතැන් වෙච්ච
උන් හට
රජයෙන් දුන්න
සහනාධාරෙ අරගෙන
ලාබෙට වික්ක
ග්‍රාමේ අයියගේ
ගං කණ්ඩියෙ
නිවස
නැඟිටල බලද්දී
තිබුනේ නෑ එතැන
ග්‍රාමයා කරපු පව් සේරම
ඌ එක්ක
සැර ගං දියට
නතුවුනි
උන්දැගෙ පවුල
හරි වැරැදියැයි
මොක මොකවත්...