සප්තකන්‍යා කඳු වැටියෙන් මහ රෑ මතු වූ ගුවන#
වෙලාව හවස තුන පමණ වන්නට ඇත. ඉරිදා දින කම්මැලිකම නිසාම මා කාමරයට වී නිදා සිටියෙමි. තොර තෝංචියක් නැතිවම නාද වෙන ජංගම දුරකථනය නිදි යහනේ සිටම මා ඇමතුම් ලබා ගත්තේ තරමක් කෝපයෙනි.
මචං මම දිල්ශාන්. ඔයා හරියටම හෙට එනවද කියලා දැන ගන්නයි කථා කළේ. ගොඩක්...