උඩුගම්පොල රජුගේ හද දිනූ සම්බාගම
ශ්‍රී ලංකාවේ රජකම් කළ ප‍්‍රාදේශීය රජවරුන් අතුරින් උඩුගම්පොල සකල කලා වල්ලභ රජුට හිමිවන්නේ මුල් තැනකි. ක‍්‍රි.ව 1477-1496 අතර කෝට්ටේ රජකම් කළ අට වැනි වීර පරාක‍්‍රම රජු දෙවනුව සරණ පාවා ගත් අග බිසවගේ බාල සොයුරියගේ කුසින් මෙලොව එළිය දුටු කුමාරවරුන් දෙදෙනා ගෙන්...