මේ කතාව 1995 විතර ඈතට ගිය පරන කතාවක්. ඒ වුනාට අද පවා මතක් වූ වෙලාවට මගේ මුවට සිනහවක් මතු වෙනවා. මම බැංකුවට ආ අළුත හැම දාම බෙන්තර ඉඳලා කොළඹ ඇද්දා. ඒත් පැය දෙක-දෙක හතරක් දවසකට මගට ගෙවන එක අපරාධයක්. අනිත් පැත්තෙන් ඒ කාලේ චන්ද්‍රිකා වෙලාව පැයක් ආපස්සට ඇද්දා. මම වැඩට එන්න නැගිටින්නේ උදේ හතරට. මේ...