අඩිඩාස් කිව්වම හැමෝම ඉතින් දන්නවනේ ලෝකේ ප්‍රසිද්දම ක්‍රීඩා පාවහන් හා ක්‍රීඩා නිමි ඇඳුම් නිෂ්පාදනය කරන නමක් කියලා.
කොහොමත් අඩිඩාස් නිර්මාණය වෙන්නේ ජර්මනියේ බවෙරියාවේ "ඇඩොල්ෆ් අඩි ඩස්ලර්" විසින්. ඇඩොල්ෆ් ඩස්ලර් ඉපදෙන්නේ 1900 නොවැම්බර් 3 වෙනිදින ජර්මනියේ බවෙරියාවේ හර්සොගේනුරච් කියන පුංචි නගරයේ...