අහස් ගැබේ තරු කැට ගානේ
පොලෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි, මං ආදරෙයි...
වදුලු සිරස පිපි මල් ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ //
සිඹින සිඹින මද නළ වාගේ
ආදරෙයි, මං ආදරෙයි...
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ //
සිහින ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි, මං ආදරෙයි...