කල්පයක් කල් කඳූළු විඳ විඳ
ඇස් හතර මැද තනිවෙලා
දුක් විඳින්නද පෙම්කලේ අප
මල් දෙකක්වී ලංවෙලා
කප්පරක් බර හීන දැක දැක
එක රැයක දෙතැනට වෙලා
හූල්ලන්නද පෙම්කලේ අප
තරු දෙකක්වී වෙන්වෙලා
සඳමලින් වට සීත පිණිකැට
ඇස් දෙකෙලවර තනිවෙලා
ඉකිබිඳීන්නද පෙම්කලේ අප
රන් හුයෙක දෑඟිලි තබා
කල්පයක් කල් කඳූළු විඳ විඳ
ඇස්...