දිනෙක හිරු බැස යනවෙලාවක
සයුරු වෙරළත හුදෙකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක්විය සිතුවිලි අතීතෙක
සයුර මා විය අහස ඔබ විය
දෙදෙනා ලංවූ ක්ෂිතිජයක්විය
ඒ වෙලාවේ මට මතක්විය
කලක් ලොව අප ගැන සිතූ හැටි
සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක්විය
කී කතාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතුවී යයි
දිනෙක හිරු...