හරි හම්බ උනා
ප්‍රේමයේ මන්දහාසිනී... යෞවනේ සිහින සාධනී
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී...
තාරකා නිවා දමන්න නෙත් කැලුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී...
මාලතී...