ලතා මඩුලු සේ බැඳූණු අපේ
ආදර මල්දම් පියලි තැලී
ඔබ මා පැතු පෙම් මිලින වෙලා
සුසුමට තුරුලුව ගිලී ගියා
ඔබෙ නෙතු බැල්මෙන් මසිත තිබූ
පාළුව සදහට ඉවතට ලූ
මා ඔබ සමගින් දැල්වූ පෙම්
පහණ්වැටම අද නිවී ගියා
පාළු සුසානේ ඈත කොනේ
නිසලව ඔබ අද නිදනු පෙනේ
නොසිතු විරාමය ලං කරදුන්
ඔබගෙන් කඳූලද උරුමවුණේ
ලතා මඩුලු සේ...