ශ්‍රී ලංකා මහබැංකුවට ආයෝජනයක් කිරීමේදී ගයිඩ්ලයින් හෙවත් මූලික නීති රාමුවක් තිබුණා. ඒ අනුව, දීර්ඝකාලීන බැදුම්කරවල ආයෝජනය කිරීම සදහා අවම සුදුසුකම් තිබුණා. මූඩීස් රේටින් ආයතනයේ ඒ3 ශ්‍රේණිගත කිරීම හෝ ඊට ඉහළ අයගේ පමණයි ආයෝජනය කළ හැකි වුණේ. එහෙත්, මූඩීස්, ෆිච් සහ එස්ඇන්ඩ්පී කියන තුනම ග්‍රීසියේ ආර්ථිකය...