අනන්තයක්වූ මේ පැතුම් ජලාශේ
නගන මියුරු හඬ හෙමිහිට අසන්නම්
හීන් දියක් වූ ඔබ නමින් උපන් ගී
නිශා ගීතයේ මුසුකර එවන්නම්
සාගරේ සමානවූ ආදරේ ළඟා කෙරූ
ජීවිතේ ඔබයි මගේ සදාකල්
රිදීකඳක් සේ සඳ ගලන වෙලාවේ
ඔබේ සුවඳ ඇස් පියාන හොයන්නම්
ඉබේ නිකුත්වූ මගෙ සුසුම් තාලයෙන්
ඔබේ හැඟුම් ගිටාරයෙන් වයන්නම්
සාගරේ සමානවූ...