අද බලනකොට තෙල් ඉවරවීගෙන යනව කියල මීටරේ පෙන්නනව. කටුව ඊ අකුර ළගටම ඇවිල්ල. මාත් දැං ගොඩක් දෙවල් දන්නවනෙ. ගියා ෂෙඩ් එකට. නැවැත්තුව තෙල් පොම්පෙ ගාව. තෙල් ගහන්න ආපු කොල්ලො, නාකි ඔක්කොම මං දිහා බලාගෙන. මළ විකාර, ලස්සන කෙල්ලෙකුට පාරෙ යන්න බෑ. ෂෙඩ් එකේ කොල්ලෙක් ආව. මං හයියෙන් කිවුව ‘‘500ක ගහන්න කියල’’...