මගේ භාර්යාව සහ මා විවහ ජීවිතයට ඈතැළු වූයේ එකම දවසේය. අප දෙදෙනා කසාද බැඳ අදට හරියට අවුරුදු හතකි.ළදරුවන් පළමුව දණගා දෙවනව පා තබන්නාක් මෙන් අපි දෙදෙනා පළමුව ආදරය ඉදිරියේ දණගසා දෙවනුව විවාහ ජීවිතයට පා තැබුවෙමි. දණගෑමට පෙර බඩගාන දරුවෙකු මෙන් විවාහයට පෙර මාද ඇගේ නිවසට බඩගෑ වාර අනන්තය. එහෙත් ඇය...