වෙනද පුරුදු විදියටම මම නැගිටල ඉක්මනට සූදානම් වෙලා ආවෙ අට පැන්නොත් වැඩ ගොඩ්ගැහෙන වග දන්න නිසාමයි.පාන්දර ජාමෙ ඉඳල නොම්මර ගන්න පෝලිමේ ලැග ගෙන පොරකන ලෙඩ්ඩු අතරින් පැනල මම සායන පවත්වන කාමරයට ගියේ දවසෙ වැඩ පටන් ගන්න.රතු නොම්මර එක,දෙක....ලෙඩ්ඩු විස්සක් විතර එක දිගට බලාගන යද්දි එක අංකයක් කතා කලාට කලාට...