ලංකාවේ වාහන ලියාපදිංචි කිරීම් දත්ත ආශ්‍රිතව දැනගතහැකි කරුණු
ප්‍රවාහනය කියන්නේ ලංකාවේ අපි එතරම් බරපතල විදිහට හිතන දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අමුතු දෙයක් සිදු වෙනකන් අපි අවධානයක් දීලා ඒ ගැන හිතන්නේ නෑ. උදේ පාන්දරකට වාහනේ එන්ජින් එක ස්ටාට් වුණේ නැත්නම්, යන්න ඉන්න බස් එක, කෝච්චිය ආවේ නැත්නම් තමයි...