අම්මා කියූ බොරු….
මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ"...