ඊට පස්සෙ ගුණකථන...අප්පච්චිගෙ සේවා කාලෙ ගැන,ලොකු පුතා කෘෂිකර්මෙ,ලොකු දුව වාරිමාර්ගෙ,බාල දුව හෙදියක්..දොස්තර බෑනෙක්..තැපෑලෙ බෑනෙක් සහ ලේලියක්..අපි ගැන කතා ගොඩයි..ඒත් මල්ලි ගැන කවුරුත් කතා කළේ නෑ.යාන්තමට ඒ ගැන කියවුනෙ හාමුදුරුවන්ගෙ කටින් විතරයි.මම දැක්කා පෙට්ටිය තිබ්බ තැන එළලා තිබුන කළාලෙන් එහා...