ඒක එච්චර දෙයක් නෙවෙයි

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,297
    113
    image_6483441.JPG

    ඒක එච්චර දෙයක් නෙවෙයි

    අම්මලා මල්ලිට මඟුල් ගෙදර කිව්වෙ නෑ. ඌ නිකම්ම නිකම් නිකමා හින්දා. මිනිහට හරි හමන් නමක් කියන්න පුලුවන් රස්සාවක් නෑ.ඒකයි කාරණේ

    මඟුල අපේ ගෙදර බඩ පිස්සි නිරූපමාගේ.ඒකි නර්ස් කෙනෙක්.බැන්ඳෙ දොස්තර මහත්තයෙක්.

    ඒකිගෙ ලොකු අයියා මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ. අපේ ලොකු නංගි වාරිමාර්ග අමාත්‍යාංශෙ.එතකොට ලොකු නංගිගෙ මහත්තයයි අපේ නෝනයි දෙන්නම තැපැල් දෙපාර්තමේන්තුවෙ. අපේ නෝනා හරහා තමා නංගිගෙ මහත්තයා මුණ ගැහුණෙ.

    ඔක්කොම ආණ්ඩුවේ නිලධාරි කරපු අපේ අප්පච්චි ගමේ ග්‍රාමනිලධාරී තුමා.

    "ගමේ ග්‍රාමසේවක වුණ මම කොහොමද ඒ පැත්තෙ අයට කියන්නෙ මේකා නිකමා කියාල.ඒ මදිවට ගත්ත ගෑනිටවත් රස්සාවක් තියෙයිද නෑනෙ.නෑනෙ."

    මගෙ ගෑනියි ලොකු නංගිගෙ මිනිහයි එතකොට පොඩි නංගි විතරක් නෙවෙයි අපේ අම්මත් අප්පච්චිගෙ තීරණේට එකඟයි. අම්මා එකඟයි කිව්වට අම්මා එකඟයි .හැබැයි බාගෙට.අම්මා කිව්වෙ සුභානි එනවට කැමති නෑ කියලා..

    මඟුල් ගේ වැඩ වලට කියලා මල්ලිලාගේ ගේ ඉස්සරහින් එහාට මෙහාට ගිය හැම වතාවෙම මට මොකද්දෝ දුකක් හිතුණා.සමහර වෙලාවට මම දැක්ක මල්ලිගෙ බයික් එක මිදුලෙ තියෙනව.ඒක උඩ අත් දිග කමිසෙකුයි ලොකු තොප්පියකුයි එහෙමත් තිබුණා.

    මල්ලි කරේ ත්‍රීවිල් රස්සාව.සුභානිලගෙ කුඹුරු එහෙමත් වැඩ කළා.ඊට අමතරව කාලෙන් කාලෙට පිස්සෙක් වගේ නිධන් පස්සෙත් දිව්වා.

    ඔය සුභානිගෙ සම්බන්ධෙ හින්දා තමයි අප්පච්චි මල්ලිව අතෑරලම දැම්මෙ.එයා ඉස්සර අප්පච්චිලාගෙ ගෙවල් වල උයන්න පිහන්න ආව ගෑනියෙක්ගෙ මිණිපිරියක්.අම්මට නම් ප්‍රශ්ණෙ ඒක නෙවෙයි .සුභානි කලු එක තමයි අම්මගෙ ප්‍රශ්ණෙ.

    මඟුලට දවස් සතියකට කලින් දවසෙ රෑ අපි මහගෙදර එකතු වෙලා කතා කර,කර ඉද්දි මල්ලියි සුභානියි ආවා. මල්ලිට ගෙදර යන එන තහනමක් තිබ්බෙ නෑ.මල්ලි ගෙදර ආවා ගියා.ඒත් අප්පච්චි කතා කළේ නෑ.අම්මා විතරයි මල්ලි එක්ක කතා බහ කළේ.මල්ලිගෙ ළමයා ඉපදුන වෙලාවෙත් අම්මා පංචායුධේ හදලා දීලා තිබුණා.

    "මොනවද තියෙන වැඩ?"

    උළුවස්ස ළඟ හිටිය අම්මා ගේ ඇතුළට ගියා.අප්පච්චි කණ්නාඩි දෙක හදාගත්තා.ඊට පස්සෙ මම බිම බලාගත්ත හින්දා අනිත් අයගෙ ප්‍රතිචාර මම දැක්කෙ නෑ.

    "මම හාල් ටිකයි පොල් ටිකයි කෙසෙල් කැනුයි දෙනව..අනිත් ඒවා උඹලා බෙදාගනිල්ලා".මල්ලි කිව්වා.
    "දැං කාටද ඕන උඹේ කෙහෙල් කැන්.ඔව්ව සුභානිගෙ නගා බඳින දාකට දෙන්න තියාගනිං" අප්පච්චි එහෙම කිව්වා.
    " මම දෙන්නෙ මගෙ නංගිගෙ මඟුලට නෙ"
    මම ඔලුව ඉස්සුවෙ නෑ.
    "ඔය කුඹුරු සුභානි අක්කලගෙනෙ.ඕන්නෑ අයියා.අනික එයාලා ජාතිකාරයො. එයාල ඉස්සරහා සුභානි අක්කා අඳුන්නලා දෙන එකත් අමාරුයි.ඔයා කරන ජොබ් එක ඇහුවොත් කියන එකත් ..අනේ මන්දා..මම මේ ඒ ගැන හිතනවා"

    මම ඒ වෙලාවෙ තමයි ඔලුව උස්සල බැලුවෙ.මට තරහ ගියා.ඒත් අප්පච්චිට බැනලා මහ ගෙදර ඉඩමෙ මගෙ කොටස නැති කරගන්න මට ඕන වුනෙ නැ.නංගිට බැන්නත් වෙන්නෙ ඒකම තමා.නංගි කියන්නෙ අප්පච්චිගෙ පණනෙ.

    "උඹ මේ බලෙන් දෙන්න ආවෙ උඹට කවුද මඟුල් කිව්වෙ?"

    මං එහෙම ඇහුවෙ තරහට නෙවෙයි .ඇත්තටම ඒ දුකට.ඒක හරියට දවසක් අපේ පුතා ළමයෙක් එක්ක වුණ රණ්ඩුවකට ඒ ළමයගෙ අම්මා ගෙදර ඇවිත් බනිද්දි අපේ මිලානි අපේ කොල්ලටම දෙකක් ගහලා රණ්ඩුව ඉවර කරා වගේ.ඒ ඇවිත් හිටියෙ පුතාගෙ ඉස්කෝලෙ ටීච කෙනෙක් හින්ද අපේ ළමයටම වැරැද්ද දාලා ප්‍රශ්ණෙ ඉවර කරගන්න එක ළමයගෙ හෙට දවසට හොඳයි කියලයි මිලානි කිව්වෙ.

    එදා මිලානිත් ළමයට ගැහුවෙ තරහට නෙවෙයි .ළමයා වැරදි නෑ කියලා නොදැනත් නෙවෙයි .අපේ ළමයටත් තේරුණා අම්මා එයාට ගැහුවෙ ඒ හින්දා කියලා..ඒත් අපේ මල්ලිට තේරුන්නැ.

    සමහර වෙලාවට පොඩි උන්ට තේරෙන දේවල් මහ උන්ට තේරෙන්නෑ.

    "මං හිතුවෙ පවුලෙ දේවල් වලට බුලත් දෙනකම්ම ඉන්න ඕන්නෑ කියලා"

    මල්ලි එහෙම කියද්දි ළඟට ආව සුභානි මල්ලිගෙ අතින් අල්ලගන්නව මම දැක්කා.ඊට පස්සෙ උන් දෙන්නා යන්න ගියා.උන් දෙන්න ගැන කිසිම කතාවක් නැතුව අපේ සාකච්ඡාව ඉස්සරහට ගියා.

    අපේ මිලානි ගෙදර ආවම කිව්වා "ඒ වුණාට ඔයාලට ඕක කරන්න තිබුණෙ ඔහොම නෙවෙයි .අර පොඩි එකත් වෙච්ච් දේ දැක්කා" කියලා.

    පොඩි එකා?..මල්ලිගෙ පොඩි එකී...ඒකිත් හිටියද..මට ඒ ගැන මතකයක් තිබුනෙම නෑ.

    නංගිගෙ මඟුල් ගේ ලංවුණා.මම හැමදාම හවස් මහ ගෙදර ගියා.එක පාරක් වත් මල්ලිලාගේ ගේ දිහා බැලුවෙ නෑ. ඒත් මඟුලට කලින් දා හන්දියෙදි එක පාර අපි දෙන්නා මූණට මුණ මුණගැහුණා.

    "උඹ මොකටද අප්පච්චිගෙන් කතා අහන්න මහගෙදර එන්නෙ?"
    "ආයෙ එන්නෙ නෑ.ඒ වුණාට මං උඹලා එක්ක තරහ නෑ.මට ඉගෙන ගන්න බැරිවුණා.හැබැයි මම වැරදි මාර්ගෙකින් ජීවත් වෙන්නෑ"

    මල්ලි එහෙම කියලා යන්න ගියා.මල්ලි කවදත් ඉගෙන ගන්න දක්ෂ කමක් තිබුන එකෙක් නෙවෙයි.ඌට එක විභාගයක්වත් පාස් වෙන්න පුළුවන් වුණේ නෑ. කවදාවත් උගෙ නමට නම් අපෙ අප්පච්චිට හොඳක් අහන්න ලැබුණේ නෑ.
    ඇත්තටම ඒක මල්ලිගෙ කරුමෙද නැත්තං අප්පච්චි කරුමෙද කියලා කියන්න මම දන්නේ නෑ.

    මඟුල් ගෙට දවසක් තියලා රෑ මමයි අපේ අප්පච්චියි බඩු වගයක් අරන් ගෙදර එනවා. අපේ ලදරං කාර් එකටත් එදාම කැඩෙන්න ඕන වුණා. ඒක වුණේ මෙහෙමයි.ටවුමෙදි මල්ලිගෙ ත්‍රීවිල් එක දැකපු අපේ කාර් එකට මඟදි කැඩෙන්නම ඕන වුණා.දැන් කාර් එක කැඩිලා අපි දෙන්නා ඉන්නවා උදව්වක් ගන්න කෙනෙක් එනකම්. අප්පච්චිට අනුව මගේ ජංගමයා බැටරි බැහැලා.එතකොට අප්පච්චිගෙ ජංගමයා ගෙදර අමතක වෙලා.ඇත්තටම ඒක බෙහෙහ් බඩු කඩෙන් ගත්ත මඩු මල්ලට දැම්ම බව මල්ල වත් දන්නෑ.

    දැන් කාර් එක මල්ලිගෙ ත්‍රීවිල් එක එනකම් ඉන්නවා.මම උදව්වක් ගන්න කෙනෙක් එනකම් පාරෙ හිටගෙන ඉන්නවා. අප්පච්චි සිංහයා වගෙ, කාර් එකෙන් බැස්සෙ නෑ.
     
    • Like
    • Sad
    Reactions: Mugen and perv

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,297
    113
    මම උදව් ඉල්ලන්න වගෙ අප්පච්චිට පේන්න දෙතුන් දෙනෙක් නවත්තලා වෙන වෙන දේවල් අහලා පිටත් කළා. ඔන්න ටිකකින් ත්‍රීවිල් එකක් එනවා. නවත්තලා බලනකොට ඒ මල්ලි නෙවෙයි.

    මේක හරියන්නෑ කියලා හිතලා මම ඉනට අත් දෙක තියාගෙන පාර දිහා බලනකොට මෙන්න මල්ලි ඇවිත් නතර කළා.මම දැන් කියන්නේ මොකක්ද කියලා හිතනවා.අප්පච්චිත් බලාගෙන ඉන්නවා.

    මොන කරුමයක්ද මන්දා. මල්ලි ඒ චාන්ස් එක ගත්තෙ නෑ. හොඳට බලලා නොදැක්කා වගේ යන්න ගියා.

    "මොකටද එයාව නවත්ත ගත්තෙ? පියන්ත නේද?අප්පච්චි තරහෙන් ඇහුවා.

    "මම දන්නවයැ ඒ එන ත්‍රීවිල් එක මල්ලිගෙ කියලා"
    "මල්ලි....මල්ලි නෙවෙයි සුල්ලි"

    හැබැයි ටික වෙලාවකින් අපි ළඟට ආව ත්‍රීවිල් එකක් නැවැත්තුවා .මට ක්ෂණිකව තේරුනා ඒ අපේ මල්ලි එව්ව කෙනෙක් බව.මම හෙමීට මිනිහට කිව්වා ලෙඩක් නෑ.තිබ්බා හරිගැස්සුවා වගෙ මොකක් හරි කරන්න මල්ලි කියලා.

    ඊට පස්සෙ නංගිගෙ මගුල් ගෙදර. එදා මල්ලිගෙ පොඩි එකී අපේ ගේ ඉස්සරහින් ඉස්කෝලෙ ඇරිලා යද්දි තමයි නංගිගෙ මඟුල් කාර් එක පිටත් වුණේ. මං හිතන්නෙ ඒ කාලෙ ඉස්කෝලේ ශිෂ්‍යත්ව පන්ති.ඒකයි ළමයා පරක්කු වෙලා ගියේ.

    නංගිගෙ මඟුල් ගෙදර මට අමතක නොවෙන සිදුවීම කිව්වොත් ඒ අපේ කොල්ලයි මල්ලිගෙ කෙල්ලයි සම්බන්ධ එකක්. ඔය මල්ලිගෙ කෙල්ල මඟුල් කාර් එක දිහා බලාගෙන හිටගෙන ඉද්දි අපේ කොල්ලා කාර් එක දිහා නෙවෙයි කෙල්ල දිහා බලාගෙන හිටියා.ඊට පස්සෙ එක පාරට ගේ දිහාට දිව්වා.අපි වෑන් එකට නඟින්න කොල්ලව හොයන අස්සෙ කොල්ලා කළේ කාර් එක ගිය පස්සෙන් යන මල්ලිගෙ කෙල්ල පස්සෙ දුවපු එක.අපේ කොල්ලා කෙල්ලව නවත්තලා කෙල්ලට මොනවහරි දුන්නා.

    පස්සෙ අහනකොට කිව්වා "මං නංගිට වෙඩින් කේක් කෑල්ලක් දුන්නා " කියලා.

    ඊට පස්සෙ කාලෙ ගෙවුණා.අපේ කොල්ලා උපාධිධාරියෙකුත් වෙලා..අපේ කෙල්ල බැඳලා බබෙකුත් හම්බවෙන්න.

    නිරූපමා ,ඒ කිව්වෙ අපේ බාල නංගි නර්ස්.එයාගෙ දොස්තර මල්ලි කොරෝනා කාලෙ නැති වුණා. කොරෝනා හැදිල නෙවෙයි ,ඒක හදිසි අනතුරක්.දැං නංගි ඉන්නෙ අප්පච්චිලා එක්ක මහ ගෙදර..

    ලොකු නංගිගෙ ළමයි දෙන්නම රට.

    එතකොට මල්ලි? මල්ලිගෙ කෙල්ල ප්‍රයිවට් කැම්පස් එකක වැඩ කරනවා කියලා ආරංචි වුණා. මල්ලි තාම ත්‍රීවිල් එලවනවා.ගොවිතැන් කරනවා.

    අපේ අප්පච්චිට අසුවක් වුණා. අම්මට හැත්තෑ අටක්.අම්මා නම් ලෙඩ ගානෙ.ඒත් අප්පච්චි තාම වැඩ පළ කරගෙන හොඳට ඉන්නවා.

    කොරෝනා කාලෙ අපි ඔක්කොම මහ ගෙදර ගියා. ලොකු නංගියි ඒ මල්ලියි.මමයි මිලානියි ළමයි දෙන්නයි පොඩි නංගි ඒ දවස් වල ගෙදර ඇවිත් හිටියෙ නෑනෙ..

    ඒ කාලෙ අපිට අමාරුවුනෙ නෑ. අප්පච්චිගෙ හිටපු ග්‍රාමසේවක පට්ටමේ නම්බුවට පිං සිද්ධ වෙන්න අපි හොඳට කාලා බීලා හිටියා.

    කොරෝනා ඉවර වුණා.අපි අපේ ගෙවල් වලට ගියා.නංගි මහගෙදර පදිංචියට ආවා.නංගිට වුණ දේ ගැන අප්පච්චි සෑහෙන්න විස්සෝප වුණා.ඒකෙන් වුණේ එයා ලෙඩ වුණ එක.ටික ටික අම්මත් ලෙඩ වුණා..අවසානෙ දෙන්නම ලෙඩ ඇඳට වැටුණා.මුල්ම දවස් වල නම් මමයි මිලානියි ගියා.පස්සෙ පස්සෙ ඇත්තටම අපිට අමාරු වුණා.ලොකු නංගිටත් එහෙම තමා.අපිටම කියලා වෙනම ජීවිත තියෙනවා .ඒවගෙ වෙනම ප්‍රශ්ණ තියෙනවා .මඟාරින්න බැරි තැන් තියෙනවා . නංගිගෙ දරුවත් හොස්ටල් දාලා .නංගිත් වැඩට යන්න ඕන.ඒකි නර්ස් කියලා ගෙදරම ලෙඩ්ඩු විතරක් බලාගෙන ඉන්නයැ.

    මාස හය යද්දි සේරම වෙනස් වෙලා..නංගි කීයට හරි ගෙදර එනකම් තාත්තා ජරා කරගත්ත පිටින් එහෙමම.අම්මට පුලුවන් තේ උගුරක් උයපු දෙයක් කවන්න විතරයි.අම්මත් ඇවිදින්නෙ බිත්තියක් අල්ලගෙනනෙ.

    නංගි අපිට බැන්නා.අපි නංගිට බැන්නා..දවසගානෙ අපි බැනගත්තා.

    ඔය අතරෙ දවසක් නංගි ගෙදර යද්දි තාත්තව සුද්ද කරලා රෙදි හෝදල වනලා අම්මවත් නාවලා උයලත් තිබිලා..අම්මා කිව්වලු පියන්තයි සුභානියි ආවා කියලා.

    ඊට පස්සෙ නංගි නයිට් දවසට පියන්තයි සුභානියි එහෙ හිටියා. සමහර දාට අපිටත් හම්බුණා.ඒත් අපි කවුරුත් කතා කළේ නෑ.පියන්තයි සුභානියි අපි එනකොට මඟෑරලා ගියා.අම්මා නාගන්න කෑම කන්න පියන්තයි සුභානියි එනකම් බලන් හිටියා.
    පියන්තයි සුභානියි.
    පියන්තයි සුභානියි
    පියන්තයි සුභානියි.

    අප්පච්චි කට පියාගෙනම හිටියා.

    "මොනව වුණත් අවසානෙට අපි ඔක්කොටක මල්ලිව ඕන වුණා "මට කියවුණා.
    "ඕනවට වඩා කරට ගන්න ඕන්නෑ.එයා කොහොමත් උඹලට පෑහෙන්නෑ.ඉගෙන ගත්තෙ නෑ කියන එක වහන්ඩ බෑ මේ බෙට්‍ටක් ඇදලා සීට් එකක් හේදුවට"

    මම කතා කළේ නෑ.මහ ගෙදර ඉඩම් කෑල්ල නැති කරගන්න බෑ.

    එක දවසක් රෑ නංගි කෝල් කරලා කිව්වා අම්මට පපුව රිදෙනව කියනව ටිකක් ගිහිං බලනවද කියලා.

    අපි යනකොට අම්මා නැති වෙලා. අප්පච්චි කිව්වෙ පියන්තලා ආවෙ වෙනදට වඩා පරක්කු වෙලා කියලා.අප්පච්චි ඒ වරදත් මල්ලි පිට දැම්මා. සුභානිවත් මල්ලි වත් වචනයක් කිව්වෙ නෑ.

    අපි හැරෙනකොට හට් ගහලා ගේ අස්කරලා තේ දෙන්න ලෑස්ති කරලා ඔක්කොම ඉවරයි.මල් ශාලාවෙ මනුස්සයා මල්ලිගෙ හිතවතෙක් හින්දා හොඳම පෙටිටිය දෙකෙන් පංගුවක් විතරම අඩුවට හම්බවුණා.

    වළ කැපිල්ලෙ ඉඳන් ලස්සනට වැඩ ටික සිද්ධ වුණා.අප්පච්චි රෝද පුටුවෙ ඉඳගන වුණත් එන යන අයට කතා කළා..අපේ කොල්ලත් අපි වගෙ නෙවෙයි .ගමේ කොල්ලො එක්ක එකතු වෙලා වැඩ.අප්පච්චි නම් ඒකට කැමති වුණේ නෑ.

    අවසානෙට පාංසකූලෙ දුන්නා.පැන් වඩන වෙලාවෙ මල්ලිව බැලුවත් පේන්න හිටියෙ නෑ.හාමුදුරුවො වඩම්මපු ත්‍රීවිල් එකේ මොකද්ද ලෙඩක් කියලා බලන්න ගියයි කිව්වා.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,297
    113
    ඊට පස්සෙ ගුණකථන...අප්පච්චිගෙ සේවා කාලෙ ගැන,ලොකු පුතා කෘෂිකර්මෙ,ලොකු දුව වාරිමාර්ගෙ,බාල දුව හෙදියක්..දොස්තර බෑනෙක්..තැපෑලෙ බෑනෙක් සහ ලේලියක්..අපි ගැන කතා ගොඩයි..ඒත් මල්ලි ගැන කවුරුත් කතා කළේ නෑ.යාන්තමට ඒ ගැන කියවුනෙ හාමුදුරුවන්ගෙ කටින් විතරයි.මම දැක්කා පෙට්ටිය තිබ්බ තැන එළලා තිබුන කළාලෙන් එහා මිදුලෙ සෙනඟ එක්ක හිටගෙන මල්ලි පෙට්ටිය දිහා බලාගන ඉන්නවා.

    මළගෙදර කටයුතු සේරම ලෑස්ති වුණෙ මල්ලිගෙ මිනිස්සු අතින් වුණාට මල්ලි අපි එක්ක කතා කළේ නෑ.අපි මල්ලි එක්ක කතා කළෙත් නෑ. ඒත් මළගෙදරට එන මිනිස්සුන්ට අත් එකතු කරලා වඳිනකොට මට ඇතිවුණේ නිකම් මල්ලිට සෙල්ලම් කරන්න මල්ලි හදාගත්ත පිට්ටනියක මම සෙල්ලම් කරනවා වගෙ හැඟීමක්.ඉස්සර අපි එහෙම කරලා තියෙනවා .අප්පච්චි මට බාරදෙන වත්තෙ පිටියෙ වැඩ මම කරන්නෑ.මල්ලි ඒවා කරලා දෙනවා.මම කළා කියල අප්පච්චි හිතාගන්නවා.

    අවසානෙට අපේ කොල්ලට ස්තූති කතාව කරන්න හම්බුණා.මට තමයි කතාව කරන්න කිව්වෙ.මම ඒක පුතාට දුන්නා.ඇත්තටම කොල්ලා මගෙන් ඉල්ලුවා ඒක.

    පුතා ස්තූති කරන්න පටන් ගත්තා. මුලින්ම පවුලෙ පරම්පරා විස්තරෙත් කෙටියෙන් කිව්වා.

    " මට තියෙන්නෙ පවුලේ ස්තූති කතාව.පවුලක් හැටියට ගත්තම අපේ පවුලෙ තාත්තා ,ලොකු පුංචි පොඩි පුංචිත් ඒ තුන්දෙනාට සම්බන්ධ අපේ අම්මා සහ පුංචිලා දෙන්නගෙ බාප්පලා දෙන්නා ඉන්නවා. එතකොට අපේ ...බාප්පා. ඒ කිව්වේ පියන්ත. එයා කවදාකවත් මේ පවුල ඇතුලෙ හිටිය බවක් මට මතක නෑ. එයා මේ පවුලෙ කෙනෙක් නෙවෙයි ..
    අපේ තාත්තා හරි පුංචි අම්මලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි මේ ගෙදරින් එලියට ගියාම මේ බල ප්‍රදේශය ඇතුළෙ තවමත් හැඳින්වෙන්නෙ කරුණාරත්න මහත්තයගෙ දරුවො හැටියට.ඒත් බාප්පා එහෙම නෙවෙයි.එයා නිකම්ම නිකම් පියන්ත .ත්‍රිවිල් පියන්ත කියලත් කියනවා. කොහොම හරි මගෙ අදහසට අනුව නම් අපේ බාප්පා වෙනමම අනන්‍යතාවයක් සහිත මනුස්සයෙක්.මේ මළගෙදරට ආව උදව් කරපු අයගෙන් බාගෙට බාගයක් බාප්පා වෙනුවෙන් ආව මිනිස්සු. හැබැයි ඒක ඒතරම් වැදගත් දෙයක් නෙවෙයි . එතකොට තව ටිකකින් පෙට්ටිය කනත්තට අරන් යන්න ලෑස්ති වෙලා ඉන්න අර අයියලා මාමලා ඔක්කොම බාප්පගෙ මිනිස්සු.හැබැයි ඒකත් එච්චර ලොකු දෙයක් නෙවෙයි .එතකොට අපි කොරෝන කාලේ මේ ගෙදරට ඇවිත් හිරවෙලා ඉද්දි මේ ගෙදර ඉස්සරහ තියලා තිබුණ එළවලු මලු හාල් මලු වලින් සෑහෙන කොටසක් අපේ බාප්පා තියලා ගිය ඒවා..ඒක මම දන්නවා.මම දන්න බව බාප්පත් දන්නවා..ඒකත් ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි..හැබැයි අවසානෙ මාස අටක් එක දිගට අපේ අත්තයි අත්තම්මයි දෙන්නව නාවලා කරලා වෙද හෙදකම් සේරම කරලා අවසානෙ දැන් දවස් දෙකකුත් කරන්න පුලුවන් හැම දේමත් කරලා තමන්ගෙ නමට කිසිම ස්තූතියක් නැතත් කනත්තෙ ඉතුරු වැඩ වලට මහන්සි වෙන බාප්පෙ..මං හිතන්නෙ ඔයා වගෙ හොඳ මනුස්සයෙක්ට මේ කිසිම දෙයක් ඒ හැටි ලොකු දෙයක් නෙවෙයි.ඒත් මට ලොකු දෙයක්.පවුලේ ස්තූති කතාවේදී මම මුලින්ම ස්තූති කරන්නෙ අපේ බාප්පට.එයා හැමදාම පවුල වෙනුවෙන් පෙනී හිටියා..අනිත් හැම කෙනෙක්ම මිය ගිය මගේ අත්තම්මා විසින් හදාවඩාගත් දරුවන් ගැන සඳහන් කරමින් ගුණ කථන කරා..ඒත් කවුරුත් ජී ජී කරුණාවතී අත්තම්මගෙ බාල පුතා ගැන කතා නොකළ නිසා මම තව වචනයක් කියන්නම්.. වතාවක් මම නිවාඩුවට මෙහේ ඇවිත් ඉද්දි මගේම වරදකට ඇත්තටම වරදකට.. පොලිසියෙන් අල්ලන් ගියා.ඒ වෙලාවෙ අහම්බෙන් ඒ ආරංචිය හම්බවෙලා බාප්පා පොලිසියට ආවා. එදා පොලිසියෙ ඕඅයිසී මහත්තයා මගෙන් ඇහුවා යකෝ පියන්ත වගෙ බාප්පෙක්ට උඹ වගෙ පුතෙක්ද ..උඹගෙ බාප්පා යකෝ ත්‍ර්‍රීවිල් කාරය වුණාට නම්බු පිටින් ජීවත් වෙන මිනිහෙක් කියලා.එදා බාප්පා මාව බේරගත්තා.බාප්පා එදත් මට කිව්ව තාත්තගෙයි අත්තගෙයි ගෞරවය නැති වෙන වැඩ කරන්න එපා පුතා කියලා.එදා බාප්පා නොවෙන්න මං කැම්පස් ගිහින් ජොබ් එකක් කරන්නෑ. පොලිසියෙ මහත්තයා මට කිව්ව විදියට අපේ බාප්පා ටවුන් එකේ ඉන්න තරුණ පිරිස නිවැරදි ජීවන ඉලක්කයට යවන්න මහන්සි වෙන කෙනෙක්.හැම අවුරුද්දකම දුෂ්කර පළාත් වල දරුවන්ට පාසල් පොත් ලබා දෙන වැඩසටහන් කරන අධ්‍යාපනයේ අගය ගැන නිතර කතා කරන මනුස්සයෙක්. ඒකත් ඒ හැටි ලොකු දෙයක් නෙවෙයි ..ලොකුම දේ බාප්පයි පුංචි අම්මයි අත්තම්මව බලාගත්ත එක.පවුලේ කිසිම දේපළක් නොලැබුණ පවුලෙන් පවුලේ බව පිළිගන්නෙවත් නැති දරුවෙක් වෙලත් බාප්පා ඒ හැම දේම කළා.ඉතිං ඔයාට ස්තුතියි අපේ බාප්පෙ.පවුලෙන් පිට කෙනෙක් හැටියට ඔයා කරපු හැම දේටම පවුලෙ අය වෙනුවෙන් ස්තූතියි ..
    ඊට පස්සෙ මම ස්තූති කරන්නෙ....

    ආයෙ ඊට පස්සෙ අපෙ කොල්ලා කියන දේවල් මම ඇහුවෙ නෑ.අප්පච්චි ඔරවගෙන අහගෙන හිටියා.මල්ලි අත් දෙක බැඳගන බ්ම බලාගන හිටගන හිටියා. පුතා කාටද මන්ද කෙටියෙන් වගේ ස්තූති කළා. කැම්පස් එකේ ඉන්න කාලෙ තමයි කොල්ලට ඔය අමුතු පණ්ඩිත කම ආවෙ. මිලානි නම් කොල්ලට ඕවට බනිනවා.ඒ වුණාට මම නම් ඒකට කැමතියි.

    අම්මගෙ මිනිය ගෙදරින් අරන් යනකොටම අප්පච්චි මට කඩන් පැන්නා.

    "උඹට මගේ දේවල් වලින් කිසිදෙයක් දෙන්නෑ.ඔව්වා අයිති වෙන්නෙ අර බක පණ්ඩිතයටනෙ.අන්න ඒක හින්දා"

    මට කවදාකවත් නැති කේන්තියක් ආවා.

    "අප්පච්චි කෙහෙල්මල් මට ඕනත් නෑ.මගෙ ළමයින්ට ඕනත් නෑ.කුණුවෙලා මැරෙන එකයි ඇත්තෙ"

    මං ආයෙ අම්මගෙ හත්දවසෙ දානෙටවත් ගියෙ නෑ. එයිනුත් සුමානෙකට වගෙ පස්සෙ මිලානි කිව්වා මල්ලි ආයෙම ඇවිත් අප්පච්චිට සාත්තු කරනවා කියලා.

    අප්පච්චි කිව්වලු මට කරන සේවාව වෙනුවට ඉඩං කෑල්ලක් ලියන්නං ඒජී ඔෆිස් එකට අරන් යන්න කියලා.මල්ලි කිව්වලු එපා කියලා. මාසෙකින් දෙකකින් අප්පච්චිට හොඳටම අමාරුවුණා. එහෙම වෙලත් මල්ලිම අප්පච්චිගෙ අත පය හෝදනකොට "හෙමීට..හෙමීට.නිකමා." කියලා මල්ලිට බැන්නා.

    මල්ලි අප්පච්චිගෙ වැඩ ඉවර වෙලා යන්න හදනකොට මම මල්ලි ළඟට ගියා.මල්ලිගෙ සරම තෙමිලා.මගෙ කලිසම නීට් එකට මැදලා..

    "අප්පච්චිගෙ කටේ සවුදම නම් තාම ගිහින් නෑ" මම කිව්වෙ කතාවට ආරම්භයක් ගන්න.
    "ඒ අප්පච්චිගෙ හැටිනෙ"
    "උඹට තරහ එන්නැද්ද ඔය වැඩවලට"
    මල්ලි අමුතු හිනාවක් හිනාවුනා.
    "ඒක එච්චර දෙයක් නෙවෙයි"

    හැම වෙලේම ඒක එච්චර දෙයක් කියන එකයි අපේ එකා එදා අර කතාවෙදි ඒක එච්චර දෙයක් නෙවෙයි කිව්ව එකයි මතක් කරලා බලද්දි අපි නැතුවට බාප්පයි පුතයි ආස්සරේ කරනවා වගේ.

    "අප්පච්චි කවදාකවත් වෙනස් වෙන්නෑ"
    "ඒ එයාගෙ හැටිනෙ"
    "ඔච්චර බැනුං අහගෙන ඇයි උඹ මේව කරන්නෙ?"
    "ඒක එච්චර දෙයක් නෙවෙයි .පොඩිම කාලෙ අප්පච්චියි අම්මයි අනික් තුන්දෙනාට වගේම මටත් ආදරෙන් ඉඳලා තියෙනවා .ඒකයි මගේ කොහේවත් කන වෙල කොරවෙලා නැත්තෙ .ඒකම මදෑ..ඒ එයාගෙ හැටි.මේ මගේ හැටි..උන් කළ දේ උන් ගෙනියයි.මං කළ දේ මං ගෙනියයි"
    "ඕක ඉස්සර අප්පච්චි හැමවෙලාවෙම කිව්ව කතාවක්නෙ"
    "මම හැඩ ගැහුනෙ ඒක මතක් කරගෙන"

    සමහර මිනිස්සු කියන ආදර්ශ පාථ එයාලම පිළිපදින්නෙ නැති වුණාට ඒවා අහන් ඉන්න අය ඒවා පිළිපදින වෙලාවල් තියෙනවා.

    අද උදේ අප්පච්චි නැති වුණා.

    එයා කවදාකවත් තේරුම් ගත්තෙ නෑ එයාගෙ හොඳම දරුවා මල්ලි කියලා. ඒක එයාට නොතේරුණ එක එයාගෙ අවාසනාවද නැත්තං මල්ලිගෙ අවාසනාවද කියලා මම දන්නෑ. අප්පච්චිට අනුව හොඳම එකා වැඩියෙන්ම ඉගන ගත්ත එකා.

    කොහොම වුණත් මල්ලි කියන්නෙ මගේ හිතේ මගේ මල්ලි නෙවෙයි ..වෙනම කොටසක සිංහාසනාරූඩ වෙලා ඉන්න රජෙක්. ඌට කිසි දෙයක් එච්චර දෙයක් නෙවෙයි .

    ත්‍රීවිල් පියන්තලා හැම තැනම..
    ත්‍රීවිල් නැතත් "පියන්තලා"හැම ගමකම.
    හැම පියන්ත කෙනෙක්ටම හරියන්න ඕන..
    =========
    සුජාතා මැණිකේ ඉහළගෙදර
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,148
    1
    35,384
    113
    තාම ලන්කාවේ
    ඔය වගේ එවුන් හෑම පවුලකම වගේ ඉන්නවා.. උන්ගේ වටිනාකම දෑනෙන්න අනිත් එවුන්ට කරදරයක් වෙන්නම ඔනේ.. එහෙම එවුන් ඉන්න එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,647
    1
    30,723
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ගෙදරට්‍ය් දුවල පැනල ඔක්කොම කරන්නෙ මල්ලි තමයි. මම කරන්නෙ සල්ලි දෙන එක විතරයි. පකය ජොබ් එකක් කරනව හැබැයි ගෙවීමෙ ක්‍රමයට මගෙන් සල්ලි අරන් ෆෝන් එකක් ගත්තෙ 🤣🤣 .

    ඔය වගේ තාත්ත කෙනෙක් හිටියනම් පිය පදවිය පැත්තකින් තියන්න වෙනවා.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,292
    1,795

    අඩෝ සුපිරි... 😍😍
     
    • Like
    Reactions: Yosemite Sam