අතැර යන බව දැන දැනම.....
සිත්තමකි ඔබ සොදුර
හිස් කඩදාසියක සිත්තම් කළ
තෙළිතුඩයි මා අන්ධකාරයක තනි වූ….
නෙක වර්ණයෙන් ඔබ ඔපදැමූ සද
සසල විය නිසලව පෙම්බැන්ද හදවත
අන් හදක් මන්මත්ව,
රැගෙන යයි කියා මගෙන් ඔබ උදුරාගෙන…
එක් අදුරු අසිල්ලක
තදින් දෑතින් බැදි ළයෙහි සැතපී ඔබ
යන්න ගිය අරුමය
පෙම්බැන්ද මා අතහැර…...