යකදුරුවරයා නික්ම ගිය පසු නිවසේ තිබුනේ දැඩි නිහැඩියාවක්. අපි හැමෝමගෙම හිත් වල තිබුනේ අපි මහගෙදර ජීවත් වන්නේ බලගතු අමනුශ්‍ය ආත්මයක් හා ඒ හා බැදී තිබුන හූනියම් බංධනයක් සමගින් යන්නයි. එදින සිදු වූ තව දෙයක් තිබුනා එනම් නිවැසියන්ගේ හා විශේෂයෙන්ම කිරි අම්මාගේ අසනීප තත්වය ගැන සොයා බැලීමට අල්ලපු නිවසේ...