රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
මේ වේදනා දෑත පාවී ගියාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
අනන්තේ දිගන්තේ සුළං රැල් ඇඳේ
උදාවූ වසන්තේ මිහිරී නොවේ
දිවා රෑ ගෙවීයයි ලොවේහී මෙසේ
සරාගී වියෝ ගීත රාවේ ඇසේ
මේ කල්පනා සෝක සංකා මවන්නේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
සුසුම් වැල් ගලාලා පැතුම් සුන්...