අපේ වැඩිහිටියන් කවදාවත් පොල් වතුර අහක දැම්මේ නැත. පොල් ගෙඩියක් බිඳින ලැබෙන පොල් වතුර බොහෝ විට පාවිච්චි කලේ කරෝල හෝ හාල් මැස්සන් හොද්ද සඳහාය. එහෙත් ඒ පොල් වතුර විශාල ප්‍රමාණයක් ලංකාවේ දිනපතා අහක යයි. පොල් ගා දෙන ස්ථාන වල ගෙඩිය බිඳ ගැනීමේදී ඒ පොල් වතුර අනිවාර්යයෙන්ම කුණු කාණුවට යන බව අත්දැකීමෙන්...