පොල් වතුර.

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අපේ වැඩිහිටියන් කවදාවත් පොල් වතුර අහක දැම්මේ නැත. පොල් ගෙඩියක් බිඳින ලැබෙන පොල් වතුර බොහෝ විට පාවිච්චි කලේ කරෝල හෝ හාල් මැස්සන් හොද්ද සඳහාය. එහෙත් ඒ පොල් වතුර විශාල ප්‍රමාණයක් ලංකාවේ දිනපතා අහක යයි. පොල් ගා දෙන ස්ථාන වල ගෙඩිය බිඳ ගැනීමේදී ඒ පොල් වතුර අනිවාර්යයෙන්ම කුණු කාණුවට යන බව අත්දැකීමෙන් දනිමි.

    පිලිපීනයේ නම් මේවා එකතු කර බෝතල් කරනු ලැබේ. එහෙත් ඒ බෝතල් පොල් වතුර ඒතරම් රසක් නැත.

    මේ පහත ඇති විස්තරය මිතුරෙක්ගෙන් ලැබුණකි. ලිව්වේ කව්දැයි කියා නම් නොදනිමි. එසේම ඒ සියල්ල සත්‍ය යයි කියාද නොදනිමි. එහෙත් ඒවායේ සත්‍ය අසත්‍ය තාවය අපටම සොයා ගත හැකි වන අතර, මේ විස්තර තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වේ යයි සිතමි. ලිපිය ලියූ තැනැත්තාට ගෞරව කරමින් ඒ විස්තරය මෙසේ ලියා ඇත.

    අන්තර් ජාලයේ ‘පොල් වතුරෙන් තරුණ වෙන්න’ කියා ගූගල් කල විට, මුලින්ම ලැබෙන්නේ මේ ලිපියයි.

    තරුණ කම රැක ගන්න එක කව්රුත් මුහුණ දෙන අර්බුධයක්. එළිපිට නොකීවත් ඔක්කොම කැමති නෑ වයසට යන්න. හැමෝටම ඕනා හැමදාම තරුණ වෙලා ඉන්න. මේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. ව්‍යායාම කරනවා. ඇඟ හදා ගන්නවා. විලාසිතා කරනවා. රූප ලාවන්‍ය කටයුතු කරනවා.

    ඒ අතරේ පොල් ගෙඩිය බිඳලා හලලා දාන පොල් වතුර ඔය කරන සියළු දේවල් වලට වඩා වටින බව කිව්වොත් ඔබ පිළිගන්නවාද ?

    පොල් වතුර ලොව, විශිෂ්ටතම ස්වභාවික ශක්තිජනක පානය බවට මේ වන විට හඳුනා ගෙන තියෙනවා. ඒ වගේම පොල් වතුර තමා ලෝකයේ පිරිසිදුම පානය වන්නේත් . මොකද මාස 9ක් පුරා ජෛව පිරිසිදු වීමේ ක්‍රියාවලියට ලක් වෙලා තමයි, පොල් වතුර හැදෙන්නේ. මේ නිසා පොල් වතුර ජීවානු හරිතයි.

    පොල් වතුර වල සංයුතිය බැලුවොත්, අපේ සෛල ප්ලාස්මාවේ රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමානයි කියලයි, විද්‍යාඥයන් කියන්නේ. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් යන මෙන්ම සුළු වශයෙන් ඇති සීනි නිසාත්, අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්වනවා. මේ කියන ගුණය නිසා යුද්ධ වලදී බරපතල තුවාල ලබන සොල්දාදුවන්ට, සේලයින් ද්‍රාවණයක් සේ පොල් වතුර කෙලින්ම භාවිතයට අර ගත්තා කියලා කියවෙනවා.

    දෙවන ලෝක යුද්ධයේදී විතරක් පොල් වතුරින් ජීවිත 50,000 ක් පමණ බේරා ගෙන තියෙනවා කියලත් කියනවා. පොල් වතුර වැනි ‘සයිටෝකයිනීන්’ වලින් පොහොසත් ආහාර සුලභ බව ලබා ගැනීම, දීර්ඝායු විඳීමට සහ වයසට යාමේදී මතුවන සංකූලතා අවම කර ගැනීමටත් යොවුන් පෙනීම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත.

    පොල් වතුරෙහි තිබෙන අධික ඛනිජ ළවන සංයුතිය නිසාවෙන්, හෘදයාබාධ හා අධික රුධිර පීඩනය වැළැක්වීමේ සුපිරි ආහාරයක් සේ විද්‍යාඥයන් විසින් පොල් වතුර හඳුන්වා දී තිබෙනවා. මේ පිලිබඳ කරන ලද අධ්‍යනයකදී හෙළිවී ඇත්තේ, අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සඳහා පොල් වතුර පානය කරන්නට දීමෙන්, ඔවුන්ගේ රෝග තත්වය සියයට 71කින් අඩු වුනා කියලයි.

    පොල් වතුර මිලි ලීටර් 100 ක පොටෑසියම් මිලි ග්රෑම් 300 ක් පමණ තිබෙන අතර, එම ප්‍රමාණය වැඩිම කැල්සියම් ඇති පළතුරක් වන කෙසෙල් වලට වඩා වැඩි අගයකි. එබැවින් මෙය හදවත රකින විශිෂ්ට ආහාරයක් සේ හඳුන්වන්නට විද්‍යාඥයන් පසුබට වන්නේ නැත. පොල් වතුරෙහි අහිතකර කොලස්ටරෝල් නොමැති අතර, අධ්‍යන වලින් හෙළිව ඇත්තේ, අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලස්ටරෝල් අඩු කිරීමටත්, හිතකර කොලස්ටරෝල් මට්ටම පොල් වතුර බීමෙන් ඉහළ යන බවයි.

    අනෙක් අතට රුධිර කැටි ගැසීම වළක්වාලන ගුණයක්ද පොල් වතුරේ ඇති බැවින් දරුණු හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග වලින් ඇති වන අවධානම අඩු කර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත. වකුගඩු තුල රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන්, වකුගඩු වලට සිදුවන හානි වැළැක්වීම, පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව, පර්යේෂකයන් පෙන්වා දෙනවා.

    එබැවින් මත් පැන් හා වස විෂ නිසා සිදුවන වකුගඩු නරක් වීම පාලනය කිරීමටද පොල් වතුර ප්‍රයෝජනවත් වනු ඇත.

    පිලිපීනයේ චීන මහා රෝහළේ, මුත්‍ර වාහිනී පද්ධතිය පිලිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉයුජිනෝ මැකලන් මහතා පෙන්වා දෙන්නේ, සතියකට දෙවතාවක් හෝ තුන් වතාවක් පමණ පොල් වතුර හෝ කුරුම්බා පානය කල, මුත්‍රාශයේ ගල් සෑදී ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමට නියමිතව සිටි රෝගීන්ගේ එම ගල් වල විශාලත්වය අඩු වී, හෝ කුඩා කොටස් වලට කැඩී තිබුණු බවත්, ඒ නිසාවෙන් ඒවා ශල්‍ය කර්මයකින් නොව, සාමාන්‍ය ඖෂද ප්‍රතිකාර මගින් සුව කිරීමට හැකිවූ බවත්ය.

    පෙර කී සයිටොකයිනින් මගින් වයසට යාම පාලනය කිරීමට අමතරව, නිරෝගී සෛල විභාජනය යහපත්ව පවත්වා ගෙන යමින්, පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතු වන බව විද්‍යාඥ බ්රූස් ෆිෆේ මහතා අවධාරණය කරනවා. මීට අමතරව පොල් වතුර, පිළිකා ඇති වීමට හේතු වන, නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රති ඔක්සිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත.

    ඒ වගේම පොල් වතුර බර අඩු කර ගැනීමට කදිම පානයකි.

    1999 වර්ෂයේ යේල් සරසවියේ කර ඇති අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ, පොල් වතුර සීණි සහිත ආහාර ගැනීමට කෙනෙකු තුල ඇතිවන කෑදරකම පහවන හෙයින්, එය බර අඩු කර ගැනීමටත් කදිම පානයක් සේ යොදා ගැනීමට හැකිවන බවය. අනෙක් අතට විටමින් සී සුලභ ආහාර ලබා ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයකදී හෙළිවී ඇත.

    පොල් වතුර විටමින් සී වලින්ද අනුනය. ඒ වාගේම දියවැඩියා රෝගය පාලනයහි ලා, පොල් වතුර වැදගත් වන බව සොයා ගෙන තියෙනවා. පොල් වතුරෙහි සින්ක් හා සෙලේනියම් වැනි ඛනිජ ළවන වර්ග තිබෙන බැවින්, ලිංගික සරු භාවයටත්, මන්දසරු භාවය දුරු කිරීමටත් ගුණ දායක බව පැවසෙනවා. පොල් වතුරේ තිබෙන විශිෂ්ට අයනික ස්වභාවය නසා ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග, ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහාය දක්වන බව සොයා ගෙන තියෙනවා.

    එය මහළු අයට සහ ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණීය පානයක්. පොල් වතුර එළ කිරි වලට වඩා පෝෂණ තත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ට වේ. මවු කිරි වල ඇති ලෝරික් අම්ලය පොල් වතුරේද තිබෙන නිසා, සකස් කල ළදරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර ගුණ දායක බව පැවසෙනවා.

    වමනය යාම නතර කිරීමේ ගුණයක් සහ ආමාශයේ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය, මළ බද්ධය සුව කිරීමේ ගුණයක් පොල් වතුරේ තිබෙන බව සොයා ගෙන ඇත. ඇසට හිතකරය. ඇසේ සුද ඒම සහ ග්ලූකෝමාගත තත්වයන් ඇති වීම වළක්වයි. ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක් සේ භාවිතා කල හැකිය.

    ශරීරය අධික සේ වෙහෙසෙන අවස්ථාවන් හී සහ විජලන තත්ත්ව වලදීපොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන බව පැවසේ. පැපොල සරම්ප සහ ශරීරයේ පළු දැමීම් සහ ඌෂ්ණ බිබිළි වලින් සුවයක් ලැබීම සඳහා පොල් වතුර බාහිරව ගැල්වීමෙන් සහනයක් ලැබෙන බව පර්යේෂණ වලින් සොයා ගෙන තිබේ. සම රැළි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වේ.

    පොල් වතුරෙහි තිබෙන විශේෂ ගුණයන් නිසා ලොව පුරා වෛද්‍යවරු ගර්භණී මව් වරුන්ට පොල් වතුර , තැබිලි වතුර පානය කරන්නට උපදෙස් දෙනවා. සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳ බටහිර ජාතීන් නොදැන සිටි හේතුවෙන්, මෙම ශාකයේ ඖෂදීය වටිනාකම පිළිබඳව මේ මෑතක් වනතුරු සුදු ජාතීන් ගේ අවධානය යොමු වුනේ නැත.

    අනෙක් අතට ඔවුන්ගේ ඉරිඟු, සොයා, එළවළු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල් තෙල්, පොල් මදය සහ පොල් වතුරෙහි ඇති විස්මිත ගුණය හිතාමතාම වසන් කළහ. ඔවුන් පොල් සැළකුවේ සෞඛ්‍යයට අහිතකර, හදවත් රෝග වලට තුඩු දෙන ආහාරයක් ලෙසය.

    ඔවුන්ගේ දැනුම ඔස්සේ තීන්දු තීරණ ගත් අප විසින් ද පොල් තෙල්, පොල් මදය මෙන්ම පොල් වතුරද කිසිදු වැදගත්කමකට නැති ආහාරයන් ලෙස සළකා අවඥාවෙන් බැහැර කරනු ලැබිණ.

    මෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්ඩලය විසින් පුවත් පත් වල පළ කර තිබූ වාර්තාවකින් කියැවුනේ, මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000 ක් සින්ක් එකට හළන බවයි.

    එසේ නම්, ඒ විසි කරන්නේ තරුණකම සහ නිරෝගී කම නොවේද ?

    අන්තර් ජාලය ඇසුරෙනි...


    https://www.facebook.com/groups/thulawa/permalink/2370507896306560/
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    B U M P






    :love:TFS:love:
    You must spread some Reputation around before giving it to kavindu84 again.

    Good Thread..
    +rep

    watinawa saho......
    You must spread some Reputation around before giving it to kavindu84 again.


    thanks
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම

    අපි නම් සෙල්ලම් කරල ඉවර වෙලා හැමදාම හවසට ගමේ කාගේ හරි පොල් ඉඩමකට පැනලා කුරුම්බා බොනවා..:rofl::rofl:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රිසිවේසමේ තියෙන ගස් කිහිපයක් තියෙනවා අපි විතරයි ඒවා බොන්නේ එක ගෙඩියක් දෙන්නෙක්ට බීලා ඉවර කරන්න බෑ අතින් කඩන්න පුළුවන් ගෙඩි පසලවක් විතර එක වල්ලෙ හැදෙනව :P
     
    Last edited:

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මට නම් පොලයක් බිදින්න සෙට් වුනොත් වතුර ටික අනිවා බොනවා. +++
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඒ විසි කරන්නේ තරුණකම සහ නිරෝගී කම නොවේද ?