සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිළි රැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්න ද මේ භවය පුරා
දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසලෙන් නැතුව ඇතී
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇතී
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ...