පිරිහෙන පුද්ගලයා ගැන දෙසුම
පරාභව සූත්‍රය
පිරිහෙන පුද්ගලයා ගැන වදාළ දෙසුම
මා විසින් මෙසේ අසා දැන ගන්නා ලදි
එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනේ පිඬු සිටුහූ ගේ ආරාමයෙහි ය.
එහිදි එක්තරා දෙවියෙක් මැදියම් රැයෙහි මනස්කාන්ත පැහැයෙකින් යුතුව මුළු දෙව්රම...