1982 රූපවාහිනිය ආරම්භයත් සමග එයට එම වසරේම පැවරුණු දැවැන්ත කාර්යභාරයක් වූයේ 1982 ඔක්තෝබර් 20 දින පැවති ප්‍රථම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල රූපවාහිනිය මගින් සජීවීව ප්‍රචාරය කිරීමයි. පරිගණක තාක්ෂණය නොමැතිව එය සිදු කිරීම මහත් අභියෝගයක් විය. මූලික වශයෙන් ඉංජිනේරු අංශයත්, පසුතල හා මාධ්‍යරූප ඒකකයත් එක්ව...