ජාතික නිදහස උදාකර ගැනීම සඳහා කවිය අවියක් කරගත් ඇස්.මහින්ද හිමියෝ දේශාභිමානය හා ජාත්යානුරාගය ලමාවියේ සිටම අප සිත් වල රෝපනය කොට පෝෂණය කිරීම සඳහා ස්වකීය පද්ය රචනා උපයෝගී කර ගත්හ. මේ පද්ය නිර්මාණයෙහි අභිප්රාය වන්නේ ද හෙළ දරුකැළ තුළ සිය දෙස රැස හා සමය පිළිබඳ වාත්සල්ය ජනනය කරවීමයි. කවි හිමියෝ ඒ...