දෛවයේ නියමය ද මේ ගල් වලේ ලියැවුණේ
වෙඩි නූල ගිණි අරන් මගෙ පැල්පතට ඇවිළුනේ
අලුවෙලා ගිය පැතුම් කළුගල පුරා විසිරුනේ
මට අහිමි කර මගේ ඇස් ගල් බෝරෙ පිපිරුනේ
වැඩි දිනක් නෑ මගේ මැණිකෙට පුතෙක් ලැබෙන්න
බැරිවේවි තාත්තට පුතාගෙ මුහුණ දකින්න
පෙර කරපු පාපයක් මේ මට පලිසන් දුන්න
සිදුවුණා කුළුගෙඩිය අතහැර කණවැල...